ක්‍රියා 2:41-43
ක්‍රියා 2:41-43 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ. ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ. හැම කෙනෙක් ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.
ක්‍රියා 2:41-43 Sinhala Revised Old Version (SROV)
එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය. තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ. එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.
ක්‍රියා 2:41-43 Sinhala New Revised Version (NRSV)
එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ. ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.
ක්‍රියා 2:41-43 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ. ඔව්හු අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද පූප කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. අපෝස්තුළුවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.
ක්‍රියා 2:41-43 New International Version (NIV)
Those who accepted his message were baptized, and about three thousand were added to their number that day. They devoted themselves to the apostles’ teaching and to fellowship, to the breaking of bread and to prayer. Everyone was filled with awe at the many wonders and signs performed by the apostles.