ක්‍රියා 2:41-43

ක්‍රියා 2:41-43 SNRV

එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ. ඔව්හු අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද පූප කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. අපෝස්තුළුවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.