2 සාමුවෙල් 7:5-11

2 සාමුවෙල් 7:5-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ගොස් මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: වාසය පිණිස ඔබ මට ගෘහයක් ගොඩ නගනවා ද? ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවේ සිට ගෙනා දවසේ පටන් අද දවස දක්වා ම මා ගෘහයක වාසය කළේ නැත. මා තැනින් තැන ගමන් කරන්නේ, කූඩාරමක් මගේ නිවස්න කර ගෙන ය. එසේ මුළු ඉශ්‍රායෙල් ජනතාව මධ්‍යයේ මා ගිය කොතැනකදී වුව, “දේවදාර ගෘහයක් නුඹ මට ඉදි නො කළේ මන්දැ?” යි මගේ ඉශ්‍රායෙල් ජනයා රැක බලා ගැනීමට මා අණ කළ ඔවුන්ගේ නායකයන්ගෙන් කෙනකුට කිසි දින මා පවසා තියේ ද?’ “එබැවින් දැන්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; මගේ ජනතාව වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වන පිණිස, තණ බිම් වෙතින්, බැටළුවන් පසු පස යෑමෙන් මම නුඹ ගත්තෙමි. ඔබ ආ-ගිය කොතැනකදී වුව මම ඔබ සමඟ සිටිමින්, ඔබගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. තවද මේ පොළොවේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ නාම හා සමාන ශ්‍රේෂ්ඨ නාමයක් මම ඔබට සලසා දෙන්නෙමි. මගේ ඉශ්‍රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි. “ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක් සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක

2 සාමුවෙල් 7:5-11 Sinhala Revised Old Version (SROV)

නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද? මම ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ගෙනා දවස පටන් අද දක්වා ගෙයක නොවැස කූඩාරමකද මණ්ඩපයකද හැසුරුණෙමි. මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්ට මාගෙන් අණ ලැබූ යම් ඉශ්‍රායෙල් ගෝත්‍රයකට: නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීවෙම්ද? එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි. නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නෙමි. මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. නුඹේ සියලු සතුරන්ගෙන් නුඹට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ නුඹට දන්වන සේක.

2 සාමුවෙල් 7:5-11 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද? “එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි. නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ. එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.

2 සාමුවෙල් 7:5-11 Sinhala New Revised Version 2018 (SNRV)