2 සාමුවෙල් 7:18-22

2 සාමුවෙල් 7:18-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට දාවිත් රජු ඇතුළට ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරිපිට හිඳගෙන මෙසේ පැවසී ය: “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ සා දුරකට මා ගෙන එන්නට මා කවරෙක් ද? මගේ පෙළපත මොකක් ද? අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ඇස් හමුවේ එසේ කිරීමෙන් නො නැවතුණු ඔබ, ඔබගේ සේවකයාගේ වංශයේ දුර අනාගතය ගැනත් කතා කළ සේක. එයත් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, හුදෙක් මනුෂ්‍යයෙකුට ය. “ඔබවහන්සේට දාවිත් තව මොනවා කියන්න ද? මන්ද ඔබවහන්සේ ඔබගේ සේවකයා දන්නා සේක; අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ පොරොන්දුව නිසා, ඔබගේ හදවතට අනුකූලව මේ මහත් දේ කළ ඔබවහන්සේ, ඔබගේ සේවකයාට එය දැනගන්නට සැලසූ සේක. “එබැවින් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ උතුම් ය! මන්ද ඔබ වැනි කෙනකු තවත් නැත. අපගේ කන්වලින් අප අසා ඇති පරිදි, ඔබ හැර අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.

2 සාමුවෙල් 7:18-22 Sinhala Revised Old Version (SROV)

එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස , ඔබවහන්සේ මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද? එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මේකත් ඔබ ඉදිරියෙහි මදිව මතු බොහෝ කලකට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ කථාකළසේක; ඒත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මනුෂ්‍ය ප්‍රකාරයටය. දාවිත් ඔබට තවත් මක්කියන්ටද? ස්වාමිවූ දෙවියන්වහන්ස , ඔබනම් ඔබගේ මෙහෙකරුවා දන්නාසේක. ඔබ මේ මුළු මහත් දේ කොට ඔබගේ මෙහෙකරුවාට දැන්නුවේ ඔබගේ වචනය නිසාත් ඔබගේ සිතේ හැටියටත්ය. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ උතුම්ව සිටිනසේක. අපේ කන්වලින් ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබ ඇර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත.

2 සාමුවෙල් 7:18-22 Sinhala New Revised Version (NRSV)

එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: “දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද? එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත. දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්න ද? දෙවි ස්වාමීන් වහන්ස, ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක. ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය. එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.

2 සාමුවෙල් 7:18-22 Sinhala New Revised Version 2018 (SNRV)