2 සාමුවෙල් 6:8-12

2 සාමුවෙල් 6:8-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝප විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි. ඒ දවසේ දාවිත්, ස්වාමින්වහන්සේට භය වී, “ස්වාමින්වහන්සේගේ කරඬුව කෙසේ ද මා වෙත එන්නේ?” යි කීවේ ය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ගෙන යෑමට කැමති නො වී, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසෙහි තුන් මසක් තිබුණු අතර, ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ටත්, ඔහුගේ නිවැසි සියලු දෙනාටත් ආශිර්වාද කළ සේක. “දෙවියන්වහන්සේගේ කරඬුව නිසා ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ටත්, ඔහු සන්තක සියල්ලටත් ආශිර්වාද කර ඇතැ” යි දාවිත් රජුට දන්වන ලද්දේ ය. එවිට දාවිත් පිටත් ව ගොස්, දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට දාවිත් පුර වෙත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආවේ ය.

2 සාමුවෙල් 6:8-12 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා යන නම තැබුවේය, ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් ස්වාමීන්වහන්සේට භයව: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය. මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක. තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.

2 සාමුවෙල් 6:8-12 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය. එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.

2 සාමුවෙල් 6:8-12 Sinhala New Revised Version 2018 (SNRV)