2 සාමුවෙල් 6:6-7
2 සාමුවෙල් 6:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් නාකොන්ගේ කමත වෙත ළඟා වූ කල, ගවයින් පැකිළුණ බැවින්, උස්සා තම අත දිගු කොට, දෙවියන්වහන්සේගේ කරඬුව ඇල්ලුවේ ය. ඔහුගේ ඒ වරද නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දෙවියන්වහන්සේ ඔහු ගසා හෙළූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ කරඬුව පසෙක මළේ ය.
2 සාමුවෙල් 6:6-7 Sinhala Revised Old Version (SROV)
ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.
2 සාමුවෙල් 6:6-7 Sinhala New Revised Version (NRSV)
ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.
2 සාමුවෙල් 6:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.
2 සාමුවෙල් 6:6-7 New International Version (NIV)
When they came to the threshing floor of Nakon, Uzzah reached out and took hold of the ark of God, because the oxen stumbled. The LORD’s anger burned against Uzzah because of his irreverent act; therefore God struck him down, and he died there beside the ark of God.