2 සාමුවෙල් 6:14-16
2 සාමුවෙල් 6:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය මීකල් කවුළුවකින් පිටත බලා සිටියා ය. දාවිත් රජු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැන පැන නටනු දුටු ඈ තම හදින් ඔහු හෙළා දැක්කා ය.
2 සාමුවෙල් 6:14-16 Sinhala Revised Old Version (SROV)
දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය. තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.
2 සාමුවෙල් 6:14-16 Sinhala New Revised Version (NRSV)
දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.
2 සාමුවෙල් 6:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.
2 සාමුවෙල් 6:14-16 New International Version (NIV)
Wearing a linen ephod, David was dancing before the LORD with all his might, while he and all Israel were bringing up the ark of the LORD with shouts and the sound of trumpets. As the ark of the LORD was entering the City of David, Michal daughter of Saul watched from a window. And when she saw King David leaping and dancing before the LORD, she despised him in her heart.