2 සාමුවෙල් 6:13-15
2 සාමුවෙල් 6:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන්නවුන් පියවර හයක් තැබූ කල, ඔහු ගවයකු හා තර වහු පැටවකු යාග කළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ.
2 සාමුවෙල් 6:13-15 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි හයක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජාකෙළේය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
2 සාමුවෙල් 6:13-15 Sinhala New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.
2 සාමුවෙල් 6:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.
2 සාමුවෙල් 6:13-15 New International Version (NIV)
When those who were carrying the ark of the LORD had taken six steps, he sacrificed a bull and a fattened calf. Wearing a linen ephod, David was dancing before the LORD with all his might, while he and all Israel were bringing up the ark of the LORD with shouts and the sound of trumpets.