2 සාමුවෙල් 24:1-25

2 සාමුවෙල් 24:1-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

නැවතත් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. “ගොස්, ඉශ්‍රායෙල් හා යූදා සංගණනයක් ගන්නැ” යි පවසමින්, උන්වහන්සේ ඔවුන්ට එරෙහිව දාවිත් පෙලඹ වූහ. එබැවින් රජු ඔහු සමඟ සිටි සෙන්පති වූ යෝවාබ් අමතා, “දාන් පටන් බෙයර්ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අතරේ ගමන් කොට, ජනයාගේ ගණන මා දැනගන්නා පිණිස, ජන ලේඛනයක් ගන්නැ” යි පැවසී ය. එහෙත් යෝවාබ්, රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජනගහනය සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ ඇසින් ම එය දකින්නට ලැබේවා! එහෙත් මෙබන්දක් කරන්නට මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට ඇති වුවමනාව මොකක් දැ?” යි ඇසී ය. කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් හා සෙන්පතීන් යටපත් කරනු ලැබිණි. එබැවින් ඉශ්‍රායෙල් ජනයා ගණන් ගැනීමට ඔවුහු රජු ඉදිරිපිටින් පිටත් ව ගියහ. ඔවුහු යොර්දානෙන් එතෙර ව, අරෝයෙර්හි කඳවුරු බැඳගෙන, දකුණෙන්, එනම් දොරුව මැද පිහිටි නගරයෙන් පටන් ගෙන, ගාද් හරහා යාසේර් දක්වා ගමන් ගත්හ. ඉන්පසු ඔවුහු ගිලියාද් දක්වා පැමිණ, එතැනින් තාතීම්-හොද්ෂී දේශය වෙත පැමිණ, දාන්-යාන් වෙත ගොස්, සීදොන් වෙත වටේට ගියහ. ඉන්පසු ඔවුහු තීර්හි බළකොටුව දෙසට ද හිවීවරුන්ගේ හා කානානිවරුන්ගේ සියලු නගරවලට ද ගියහ. ඔවුහු යූදාවේ දකුණ දෙස වූ බෙයර්ෂෙබා වෙත ද ගියහ. මෙසේ දේශය මුළුල්ලේ සැරි සැරූ පසු, නව මසකුත් දින විස්සක් අවසානයේ ඔවුහු ආපසු යෙරුසලමට ආහ. යෝවාබ් ගණන් කරන ලද ජන සංඛ්‍යාව රජුට වාර්තා කළේ ය. අසිපත් දරන සවි සම්පන්න ඉශ්‍රායෙල් ජනයා අ‍ට ලක්ෂයක් විය. යූදා මිනිස්සු පන් ලක්ෂයක් වූහ. ජන සංගණනය ගත් පසු, දාවිත්ගේ හද ඔහුට ම දොස් තැබී ය. ඔහු ස්වාමින්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය. පසු දින උදයේ දාවිත් අවදි වූ කල, ස්වාමින්වහන්සේගේ වචනය, දාවිත්ගේ අනාගතවක්තෘ වූ දිවැසිවර ගාද් වෙත පැමිණියේ ය: “යන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි දාවිත්ට කියන්න: ‘මවිසින් ඔබ පිට පමුණු වන පිණිස කරුණු තුනක් ඔබ ඉදිරියේ තබමි. එයින් එකක් තෝරා ගන්න.’ ” එබැවින් ගාද් පිටත් ව, දාවිත් වෙත ගොස්, ඔහු අමතා, “ඔබේ දේශයෙහි ඔබ පිට තුන් අවුරුදු සාගතයක් පැමිණීම; හෝ ඔබේ සතුරන් ඔබ පසු පස ලුහුබඳිද්දී තුන් මසක් ඔවුන් වෙතින් පලා යෑම; හෝ ඔබේ දේශය පිට තුන් දිනක වසංගතයක් හෝ යන කරුණු සැලකිල්ලට ගෙන, මා එවූ තැනැන්වහන්සේට මා පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි තීරණය කරන්නැ” යි කීවේ ය. දාවිත් ගාද් අමතමින්, “මා බරපතළ පීඩනයකට හසු වෙලා; ස්වාමින්වහන්සේගේ හස්තයට හසු වේවා! මන්ද උන්වහන්සේගේ දයාව අති මහත් ය. කෙසේ වෙතත් මිනිසුන්ගේ අත්වලට හසුවන්නට මට ඉඩ නො හරින්නැ” යි පැවසී ය. එබැවින් ස්වාමින්වහන්සේ ඒ උදෑසන සිට නියම කළ කාලය නිම වන තෙක්, ඉශ්‍රායෙල් පිටට වසංගතයක් එවූ සේක. දාන් පටන් බෙයර්ෂෙබා දක්වා ජනයාගෙන් හැත්තෑදහසක් දෙනා එයින් මළහ. දේව දූතයා යෙරුසලම විනාශ කරන්නට තමාගේ අත දිගු කළ විට, එම විපත්තිය ගැන ස්වාමින්වහන්සේ ශෝක වූ සේක්, ජනයා විනාශ කරමින් සිටි දූතයා අමතා, “ඔය ඇති! ඔබේ අත නවතා ගනු” යි කී සේක. ස්වාමින්වහන්සේගේ දූතයා ඒ වන විට සිටියේ යෙබූසීය අරව්නාගේ කමත අසල ය. දේව දූතයා ජනතාව ගසා හෙළමින් සිටිනු දුටු දාවිත්, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න මමයි පව් කළේ; වැරදි කළේ මමයි; මේ බැටළුවෝ කුමක් කළෝ ද? ඔබගේ හස්තය මා පිටත්, මගේ පියවංශය පිටත් පතිත වේවා!” යි කීවේ ය. ඒ දවසේ ම ගාද්, දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “නැගිට යන්න. යෙබූසීය අරව්නාගේ කමතේ ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නැ” යි පැවසී ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේ අණ කර තිබූ ගාද්ගේ වචනය පරිදි එහි පිටත් ව ගියේ ය. අරව්නා බැලූ කල, රජු ද රාජ සේවකයෝ ද තමන් දෙසට එනු දැක, පෙර මඟට අවුත්, නැමී, තම මුහුණ බිමට නමා, රජුට වැන්දේ ය. අරව්නා කතා කරමින්, “මගේ ස්වාමි වූ රජතුමා තම සේවකයා වෙත ආවේ කුමට දැ?” යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඔබේ කමත මිලට ගැනීමටයි. ජනයා වෙතින් වසංගතය නවතින පිණිස, ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නට” යි කීවේ ය. අරව්නා, දාවිත් අමතා, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට හොඳයයි හැඟෙන කවර දෙයක් වුව ගෙන, පූජා කරත්වා! දවන යාග පූජාව සඳහා ගවයින් ද දර සඳහා මඩින උපකරණ සහ ගව-වියගස් ද තිබේ. අහෝ රජතුමනි, අරව්නා මේ සියල්ල රජුට දෙන්නේ යැ” යි කීවේ ය. අරව්නා තවදුරටත් රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පිළිගන්නා සේක්වා” යි පැවසී ය. එහෙත් රජු අරව්නාට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම එය ඔබගෙන් මිලයට ගන්නෙමි. මට කිසිවක් වැය නො වන කිසි යාග පූජාවක්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ නැතැ” යි කීවේ ය. මෙසේ දාවිත් එම කමත ද ගවයින් ද මිලට ගනිමින්, ඒ සඳහා රිදී ෂෙකෙල් පනහක් ගෙවී ය. දාවිත් එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගා, දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ දේශය උදෙසා වූ යාච්ඤාවට පිළිතුරු දෙමින්, ඉශ්‍රායෙල් වෙතින් වසංගතය නවතාලූ සේක.

2 සාමුවෙල් 24:1-25 Sinhala Revised Old Version (SROV)

නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක. රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය. යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය. එහෙත් යෝවාබ්ගේද සේනාපතීන්ගේද වචනය යටපත් වී රජුගේ වචනය ස්ථිරවිය. යෝවාබ්ද සේනාපතීහුද ඉශ්‍රායෙල් සෙනඟ ගණන්කරන පිණිස රජු ඉදිරියෙන් පිටත්ව ගියෝය. ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය. එතනින් ඔව්හු ගිලියද්ටත් තාතීම්-හොද්ෂි රටටත් පැමුණුණෝය; එතනින් දාන්-යාන්ටත් ශීදොන් වටකර ස්ථානවලටත් පැමිණියාහ. එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය. මෙලෙස ඔව්හු මුළු දේශයෙහි ඇවිද නව මස් විසි දවස කට පසු යෙරුසලමට ආවෝය. යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය. දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය. දාවිත් උදයේ නැගුටුණු කල දාවිත්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොපේතවරයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ: නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න–මම කාරණා තුනක් නුඹ ඉදිරියෙහි තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය. ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: නුඹ කැමති කොයි එකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක් සාගතය නුඹට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් නුඹේ සතුරන් නුඹ පස්සේ එළවාගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් නුඹේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය. දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය. මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය. දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය. දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය. එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය. දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැගී ගියේය. අරව්නා බැලූ විට රජුද ඔහුගේ සේවකයන්ද තමා වෙතට එනවා දැක පිටතට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිසදැයි ඇසුවේය. වසංගතය සෙනඟගෙන් පහවෙන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර නුඹෙන් මිලේට ගැනීමටයයි දාවිත් කීවේය. අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ. රජ්ජුරුවෙනි, අරව්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නේයයි දාවිත්ට කීවේය. තවද අරව්නා කථාකොට: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිළිගන්නාසේක්වයි රජුට කීවේය. රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය. එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.

2 සාමුවෙල් 24:1-25 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, “නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක. රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය. ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය. එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නො‍සලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ. ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ. එතැනින් ඔව්හු ගිලියද්ටත්, හිත්තීවරුන්ගේ දේශයෙහි වූ කාදෙෂ්ටත් පැමිණියහ. ඉන්පසු දාන්යාන්ටත්, වටකරින් ගොස් සීදොන් දෙසටත් ගමන් කළහ. එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ. මෙලෙස ඔව්හු මුළු දේශයෙහි සැරිසරා නව මාස විසි දවසකට පසු ජෙරුසලමට ආපසු පැමිණියහ. ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ. දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය. දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: “නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න: ‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය. ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, “ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නො‍හොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නො‍හොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය. මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය. දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, “ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය. දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, “මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය. එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය. දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැඟිට ගියේ ය. අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ, “මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. “වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි. අරව්නා ද, “මාගේ ස්වාමීන් වන රජතුමා, එය ගෙන ඔබ කැමැති දෙයක් පූජා කරනු මැනව. මෙන්න, දවන යාග පූජාවට ගවයෝ සිටිති. දර පිණිස මඩින යන්ත්‍ර ද ගවයන්ගේ වියගස් ද තිබේ. රජතුමනි, අරව්නා වන මම මේ සියල්ල රජතුමාට දෙන්නෙමි”යි දාවිත්ට කී ය. තවදුරටත් අරව්නා කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පිළිගන්න සේක් වා”යි රජුට කී ය. රජ ද, “එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය. එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.

2 සාමුවෙල් 24:1-25 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 24:1-25 New International Version (NIV)

Again the anger of the LORD burned against Israel, and he incited David against them, saying, “Go and take a census of Israel and Judah.” So the king said to Joab and the army commanders with him, “Go throughout the tribes of Israel from Dan to Beersheba and enroll the fighting men, so that I may know how many there are.” But Joab replied to the king, “May the LORD your God multiply the troops a hundred times over, and may the eyes of my lord the king see it. But why does my lord the king want to do such a thing?” The king’s word, however, overruled Joab and the army commanders; so they left the presence of the king to enroll the fighting men of Israel. After crossing the Jordan, they camped near Aroer, south of the town in the gorge, and then went through Gad and on to Jazer. They went to Gilead and the region of Tahtim Hodshi, and on to Dan Jaan and around toward Sidon. Then they went toward the fortress of Tyre and all the towns of the Hivites and Canaanites. Finally, they went on to Beersheba in the Negev of Judah. After they had gone through the entire land, they came back to Jerusalem at the end of nine months and twenty days. Joab reported the number of the fighting men to the king: In Israel there were eight hundred thousand able-bodied men who could handle a sword, and in Judah five hundred thousand. David was conscience-stricken after he had counted the fighting men, and he said to the LORD, “I have sinned greatly in what I have done. Now, LORD, I beg you, take away the guilt of your servant. I have done a very foolish thing.” Before David got up the next morning, the word of the LORD had come to Gad the prophet, David’s seer: “Go and tell David, ‘This is what the LORD says: I am giving you three options. Choose one of them for me to carry out against you.’ ” So Gad went to David and said to him, “Shall there come on you three years of famine in your land? Or three months of fleeing from your enemies while they pursue you? Or three days of plague in your land? Now then, think it over and decide how I should answer the one who sent me.” David said to Gad, “I am in deep distress. Let us fall into the hands of the LORD, for his mercy is great; but do not let me fall into human hands.” So the LORD sent a plague on Israel from that morning until the end of the time designated, and seventy thousand of the people from Dan to Beersheba died. When the angel stretched out his hand to destroy Jerusalem, the LORD relented concerning the disaster and said to the angel who was afflicting the people, “Enough! Withdraw your hand.” The angel of the LORD was then at the threshing floor of Araunah the Jebusite. When David saw the angel who was striking down the people, he said to the LORD, “I have sinned; I, the shepherd, have done wrong. These are but sheep. What have they done? Let your hand fall on me and my family.” On that day Gad went to David and said to him, “Go up and build an altar to the LORD on the threshing floor of Araunah the Jebusite.” So David went up, as the LORD had commanded through Gad. When Araunah looked and saw the king and his officials coming toward him, he went out and bowed down before the king with his face to the ground. Araunah said, “Why has my lord the king come to his servant?” “To buy your threshing floor,” David answered, “so I can build an altar to the LORD, that the plague on the people may be stopped.” Araunah said to David, “Let my lord the king take whatever he wishes and offer it up. Here are oxen for the burnt offering, and here are threshing sledges and ox yokes for the wood. Your Majesty, Araunah gives all this to the king.” Araunah also said to him, “May the LORD your God accept you.” But the king replied to Araunah, “No, I insist on paying you for it. I will not sacrifice to the LORD my God burnt offerings that cost me nothing.” So David bought the threshing floor and the oxen and paid fifty shekels of silver for them. David built an altar to the LORD there and sacrificed burnt offerings and fellowship offerings. Then the LORD answered his prayer in behalf of the land, and the plague on Israel was stopped.