2 සාමුවෙල් 23:2-4
2 සාමුවෙල් 23:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා තුළින් කතා කළ සේක. උන්වහන්සේගේ වචනය මගේ දිවෙහි වෙයි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කතා කළ සේක. ඉශ්‍රායෙල්ගේ පර්වතයාණෝ මට මෙසේ කී සේක: ‘යමෙක් දමිටුකමින් මිනිසුන් ආණ්ඩු කරන්නේ ද, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව පාලනයෙහි යෙදෙන්නේ ද, ඔහු, උදෑසන එළිය සේ ඔවුන් පිට බබළයි, පොළොවෙන් තෘණ හටගන්වන වැස්සෙන් පසු, වලාකුළින් තොර උදයක දීප්තියෙන් බබළන හිරු වැන්න.’
2 සාමුවෙල් 23:2-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා ලවා කථාකෙරෙවුසේක, උන්වහන්සේගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය. ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.
2 සාමුවෙල් 23:2-4 Sinhala New Revised Version (NRSV)
“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී, වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළොවේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
2 සාමුවෙල් 23:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී, වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළොවේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
2 සාමුවෙල් 23:2-4 New International Version (NIV)
“The Spirit of the LORD spoke through me; his word was on my tongue. The God of Israel spoke, the Rock of Israel said to me: ‘When one rules over people in righteousness, when he rules in the fear of God, he is like the light of morning at sunrise on a cloudless morning, like the brightness after rain that brings grass from the earth.’