2 සාමුවෙල් 23:1-4

2 සාමුවෙල් 23:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත්ගේ අවසන් වදන් මේවා ය: “යෙස්සේගේ පුත් දාවිත්ගේ ප්‍රකාශයයි; උතුම් බවට පමණුවන ලද, යාකොබ්ගේ දෙවියන්වහන්සේ විසින් අභිෂේක කරන ලද මිනිසා වූ ඉශ්‍රායෙල්ගේ ඉමිහිරි ගීතිකාකරු වූ මිනිසාගේ ප්‍රකාශයයි. “ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා තුළින් කතා කළ සේක. උන්වහන්සේගේ වචනය මගේ දිවෙහි වෙයි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කතා කළ සේක. ඉශ්‍රායෙල්ගේ පර්වතයාණෝ මට මෙසේ කී සේක: ‘යමෙක් දමිටුකමින් මිනිසුන් ආණ්ඩු කරන්නේ ද, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව පාලනයෙහි යෙදෙන්නේ ද, ඔහු, උදෑසන එළිය සේ ඔවුන් පිට බබළයි, පොළොවෙන් තෘණ හටගන්වන වැස්සෙන් පසු, වලාකුළින් තොර උදයක දීප්තියෙන් බබළන හිරු වැන්න.’

2 සාමුවෙල් 23:1-4 Sinhala Revised Old Version (SROV)

තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය: ස්වාමීන්වහන්සේගේ ආත්මය මා ලවා කථාකෙරෙවුසේක, උන්වහන්සේගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය. ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.