2 සාමුවෙල් 19:9-43
2 සාමුවෙල් 19:9-43 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ මුළුල්ලෙහි ජනයා සැවොම තම තමන් අතරේ තර්ක කරමින්, “අපේ සතුරන් අතින් අප මුදා ගත්තේ රජතුමායි; පිලිස්තිවරුන් අතින් අප ගලවා ගත්තේ එතුමායි. එහෙත් දැන් අබ්සලොම් නිසා ඔහු රටින් පලා ගොසින්; ඒ ඇරත් අපේ රජු වශයෙන් අප අභිෂේක කළ අබ්සලොම් සටනේදී මැරුණා. එනිසා රජ්ජුරුවන් ආපසු ගෙන ඒම ගැන නිශ්ශබ්ද මන්දැ?” යි කීහ. දාවිත් රජු සාදෝක් සහ අබියාතර් යන පූජකයින්ට පණිවුඩ යවමින්, “යූදා වැඩිහිටියන්ගෙන් මෙසේ අහන්න: ‘ඉශ්‍රායෙල් මුළුල්ලේ පැවසෙන දෑ රජුට සැල වී තිබියදී, රජ මැදුරට රජතුමන් ආපසු කැඳවා ඒමට ඔබ අන්තිමයන් වන්නේ මන්ද? නුඹලා මගේ ම සහෝදරයොයි. මගේ ඇට හා මසයි. එබැවින් රජ්ජුරුවන් ආපසු කැඳවාගෙන ඒමට නුඹලා අන්තිමයන් වන්නේ මන්දැ?’ යි අසන්න. තවද අමාසාට කතා කොට, ‘නුඹ මගේ ඇට හා මස නො වේ ද? මෙතැන් පටන් යෝවාබ් වෙනුවට මගේ හමුදාවේ සේනාධිපතියා වන්නේ නුඹ නො වේ නම්, දෙවියන්වහන්සේ ඊට වඩා දැඩි ලෙස මට කරන සේක්වා!’ කියා පවසන්නැ” යි කියා යැවී ය. ඔහු යූදාහි සියලු මිනිසුන්ගේ සිත් එක් කෙනකුගේ සිත මෙන් දිනා ගත්තේ ය. ඔවුහු රජුට පණිවුඩ යවමින්, “ඔබත් ඔබගේ මිනිසුන් හැමදෙනාත් ආපසු එන්නැ” යි දන්වා යැවූහ. ඉන්පසු ආපසු පැමිණි රජු, යොර්දාන් දක්වා ගියේ ය. මේ අතර යූදා මිනිස්සු රජු මුණ ගැසී යොර්දානෙන් මෙතෙරට රජු කැඳවාගෙන ඒම සඳහා ගිල්ගාල් වෙත පැමිණියහ. බහූරීම්හි බෙන්යමින් වංශික ගේරාගේ පුත් ෂිමෙයි ද යූදා මිනිසුන් සමඟ දාවිත් රජු හමුවීමට වහ වහා ගියේ ය. ඔහු සමඟ බෙන්යමින්වරු දහසක් වූහ. සාවුල්ගේ ගෘහ වාසීන්ගේ භාරකාර සීබා ද ඔහුගේ පුතුන් පහළොස්දෙනා හා සේවකයින් විසිදෙනා ද ඒ අතරේ වූහ. රජු ළඟා වී සිටි යොර්දාන් නදිය වෙත ඔවුහු ලහි ලහියේ දිව ගියෝ, රජුගේ ගෘහ වාසීන් මෙගොඩ කරන්නට හා ඔහු කියන්නක් කරන්නටත් තොටුපොළ එතෙර මෙතෙර වූහ. ගේරාගේ පුත් ෂිමෙයි යොර්දානෙන් එතෙර වූ කල්හි රජු අබියස මුණින් තලා වැඳ වැටුණේ ය. ඔහු රජු අමතමින්, “මා ස්වාමියාණන් මා වරදකරුවකැයි නො සලකත්වා! මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් යෙරුසලම හැරගිය දවසේ ඔබේ සේවක මා වැරදි කළ අයුරු සිහි නො කළ මැනවි. රජ්ජුරුවෝ සිතින් එය ඉවත් කර ගනිත්වා! මන්ද මා පව් කළ වග ඔබේ සේවක මම දනිමි. එහෙත් මෙන්න, මා ස්වාමියාණන් වන රජ්ජුරුවන් හමුවීමට යෝසෙප් වංශික සියල්ලන් අතරින් පළමු වැන්නා ව මම ආවෙමි” යි කීවේ ය. එවිට සෙරූයාගේ පුත් අබිෂයි, “මේ ගැන ෂිමෙයි මරණයට පත් කළ යුතු නො වේ ද? ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ඔහු ශාප කළේ යැ” යි කී ය. දාවිත් පිළිතුරු දෙමින්, “සෙරූයාගේ පුත්‍රයිනි, මට නුඹෙන් ඇති කාරිය කිම? අද දවසේ නුඹලා මට එදිරිවාදීන් වී ද? අද දවසේ ඉශ්‍රායෙල්හි කවරකු හෝ මරණයට පත් කළ යුතු ද? මා අද ඉශ්‍රායෙල්හි රජ වී සිටින වග මම නො දන්නෙමි දැ?” යි කී ය. රජු ඉන්පසු ෂිමෙයිට කතා කොට, “ඔබ මියෙන්නේ නැතැ” යි කීවේ ය. මෙසේ ඔහු දිවිරීමකින් පොරොන්දු විය. සාවුල්ගේ මුනුපුරු මෙෆීබොෂෙත් ද රජු හමුවීමට පෙර මඟට ආවේ ය. රජු බැහැර වූ දවසේ පටන් ආපසු නිරුපද්‍රිත ව පැමිණි දවස දක්වා මෙෆීබොෂෙත් තම පාද ගැන කිසි සැලකිල්ලක් දැක්වූයේ නැත. තම උඩු රැවුල මනාව කපා, සකසා ගත්තේ නැත. ඔහු තම ඇඳුම් සෝදා ගත්තේ ද නැත. ඔහු යෙරුසලමේ සිට රජු හමුවීමට පැමිණි කල, රජු ඔහු අමතා, “ඔබ මා සමඟ නො ගියේ මන්ද මෙෆීබොෂෙත්?” යැයි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මා ස්වාමියාණන් වන රජ්ජුරුවනි, මගේ සේවක සීබා මා රැවටුවා. ඔබගේ සේවක වන මා කොරකු බැවින්, ‘රජු සමඟ පිටත් ව යන පිණිස මට නැගී යන්නට මගේ බූරුවා ලැහැස්ති කර දෙන්නැ’ යි මා කීවා. එහෙත් ඔහු මගේ ස්වාමියාණන් වූ රජ්ජුරුවන්ට ඔබගේ සේවක මා ගැන අපවාද නැගුවා. මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. එබැවින් ඔබට හොඳ යැයි හැඟෙන සේ කරන්න. මගේ පියවංශ පරපුර මගේ ස්වාමියාණන් වූ රජ්ජුරුවන් අතින් මරණය ලැබිය යුත්තන් වුවත්, ඔබ ඔබගේ මේ සේවකයාට ඔබගේ භෝජන මේසයට වාඩිවන්නන් අතර අසුනක් දුන්නා. එනිසා රජුගෙන් තවත් අයැදීමක් කරන්නට මට ඇති අයිතිය මොකක් දැ?” යි කීවේ ය. රජු ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ මේ ගැන තව කතා කරන්නේ කුමට ද? ඔබත්, සීබාත් අතර ඉඩම් බෙදීමට මම නියෝග කරමි” යි කීවේ ය. මෙෆීබොෂෙත් රජු අමතමින්, “මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් දැන් සුරක්ෂිත ව ගෙදර අවුත් සිටින බැවින්, ඒ සියල්ල ම වූවත් ඔහු ගත්තා වේ” යි කී ය. මේ අතර ගිලියාදීය බර්සිල්ලයි ද රොගෙලීම්හි සිට පැමිණ, රජු ඇරලවනු පිණිස, රජු සමඟ යොර්දානෙන් එතෙරට යන්නට ආවේ ය. අසූ වියැති, බොහෝ වියපත් මිනිසකු වූ බර්සිල්ලයි මහ ධනවතකු වූ බැවින් රජු මහනයිම්හි ගත කළ කාලයේදී රජුගේ අවැසිතා සපයා දුන්නේ ය. රජු බර්සිල්ලයි අමතමින්, “එතෙර ගොස් මා සමඟ යෙරුසලමේ නවතින්න; මම ඔබ බලා ගන්නෙමි” යි කීවේ ය. එහෙත් බර්සිල්ලයි, රජුට පිළිතුරු දෙමින්, “රජතුමන් සමඟ යෙරුසලමට ගොස් මට ජීවත් වන්නට ඇත්තේ තව අවුරුදු කීය ද? මට දැන් අවුරුදු අසූවක්; මනරම් දේත්, එසේ නැති දේත් අතර වෙනස මට හැඳිනගන්නට පුළුවන් ද? කන-බොන දේවල රස විඳින්නට ඔබේ සේවකයාට පුළුවන් ද? ගායක ගායිකාවන්ගේ ගී නාද මට තවමත් ඇසිය හැකි ද? එසේ තිබියදී ඔබේ මේ සේවකයා, මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට අතිරේක බරක් වන්නේ කුමට ද? ඔබගේ සේවකයා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එතෙරට ටික දුරක් එනවා. රජතුමා මේ අයුරින් මට ඉටු විපාක දෙන්නේ කුමට ද? මගේ පියාගේත්, මවගේත් සොහොන කිට්ටුවෙන් උපන් ගමේ ම මියැදෙන පිණිස ඔබේ සේවකයාට ආපසු ඒමට ඉඩ දෙන්න; එසේ වුවත් මෙන්න, ඔබේ සේවක කිම්හාම්. ඔහු, මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් සමඟ එතෙර ගියා වේ. ඔබගේ මනාපය පරිද්දෙන් ඔහුට සලකනු මැනවි” යි කීවේ ය. රජු පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එතෙර ව යනු ඇත. ඔබගේ මනාපය පරිද්දෙන් මා ඔහුට සලකනවා. මගෙන් ඔබ අපේක්ෂා කරන කවර දෙයක් වුව මා ඔබ වෙනුවෙන් කරන්නෙමි” යි කීවේ ය. ඉන්පසු සියල්ලෝ යොර්දානෙන් එතෙර වූහ. රජු ද එතෙර විය. රජු බර්සිල්ලයි සිප, ඔහුට ආශිර්වාද කළේ ය. ඉන්පසු බර්සිල්ලයි තම නිවසට හැරී ගියේ ය. රජු ගිල්ගාල් වෙත එතෙරට ගිය කල, කිම්හාම් ද ඔහු සමඟ එතෙර වූයේ ය. යූදා හේවායින් සියල්ලෝ ද ඉශ්‍රායෙල් හේවායින්ගෙන් අඩක් ද එතෙරට රජු කැටිව ගියහ. එවිට සියලු ඉශ්‍රායෙල් ජනයා රජු වෙත එන්නට වී, ඔහු අමතමින්, “අපගේ සහෝදර යූදා ජනයා හොරෙන් ම රජ්ජුරුවන් ගෙන අවුත්, රජුත්, රජුගේ ගෘහවාසීනුත් රජුගේ සියලු මිනිසුන් සමඟ යොර්දානෙන් මෙතෙරට ගෙන ආවේ මන්දැ?” යි ඇසූහ. සියලු යූදා ජනයා ඉශ්‍රායෙල් ජනයාට පිළිතුරු දෙමින්, “එසේ කළේ රජු අපේ ම ළඟ නෑයකු නිසයි. නුඹලා ඒ ගැන තරහ ගන්නේ මන්ද? මොකෝ! රජුගේ සලාකයෙන් අප කෑවා ද? ඔහු අපට තෑගි-බෝග දුන්නා දැ?” යි ඇසූහ. එවිට ඉශ්‍රායෙල් ජනයා යූදා ජනයාට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස ගුණයක් ම ඇත්තේ අපටයි. නුඹලාට වඩා දාවිත් ගැන වැඩි අයිතියක් ඇත්තේ අපටයි. එසේ නම් නුඹලා අප ගැන සුළු කොට සැලකුවේ මන්ද? අපේ රජතුමන් ආපසු කැඳවාගෙන ඒමට මුලින් ම යෝජනා කළේ අප නො වේ දැ?” යි කීහ. එනමුත් යූදා ජනතාවගේ ප්‍රතිචාරය ඉශ්‍රායෙල් ජනතාවගේ වචනවලට වඩා සැර ව තිබුණි.
2 සාමුවෙල් 19:9-43 Sinhala Revised Old Version (SROV)
සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය. අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන නුඹලා නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය. එවිට දාවිත් රජ පූජකයන් වන ශාදොක්ටත් අබියාතර්ටත් මෙසේ කියා ඇරියේය: නුඹලා යූදාහි වැඩිමහල්ලන්ට කථාකොට-රජ්ජුරුවන් තමාගේ ගෙට ගෙන්වන්ට මුළු ඉශ්‍රායෙල් කරන කථාව ඔහුට සැලවී තිබෙද්දී රජ්ජුරුවන් තමාගේ ගෙට නැවත ගෙනෙන්ට නුඹලා අන්තිමයන් වන්නේ මක්නිසාද? නුඹලා මාගේ සහෝදරයෝය, මාගේ ඇට සහ මාංසයත්ය. එබැවින් රජ්ජුරුවන් නැවත ගෙනෙන්ට නුඹලා අන්තිමයන් වෙන්නේ මක්නිසාදැයි කියන්න. තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය. මෙසේ ඔහු සියලු යූදා මනුෂ්‍යයන්ගේ සිත් එක්කෙනෙකුගේ සිත මෙන් නමා ගත්තේය; ඔව්හුද: ඔබගේ සියලු සේවකයන් සමඟ හැරී අවමැනවැයි රජුට කියා ඇරියෝය. එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය. තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යූදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය. ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය. රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී, කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි. මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය. එහෙත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි උත්තරදෙමින්: ෂිමෙයි ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනුලැබිය යුතු නොවේදැයි කීය. දාවිත්ද: ශෙරුයාගේ පුත්‍රයෙනි, නුඹලා අද මට එදිරිවීමට නුඹලාත් මාත් අතරේ තිබෙන සම්බන්ධකම මොකද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත්කරන්ට යුතුද? මක්නිසාද අද මා ඉශ්රායෙල් කෙරෙහි රජව සිටින බව මම නොදනිම්දැයි කීවේය. තවද: නුඹ නොනස්නෙහියයි රජ ෂිමෙයිට කියා දිවුළේය. සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත. තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, නුඹ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්–කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය. ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි. මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය. රජද: නුඹේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? නුඹත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය. මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය. තවද ගිලියදිය බර්සිල්ලයි රොගේලීම් සිට ඇවිත් යොර්දානෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ යොර්දානෙන් මෙගොඩට ආයේය. බර්සිල්ලයි ඉතා මහලුව අසූ අවුරුද්දක් වයස්ව සිටියේය. ඔහු රජු මහනායිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයාදුන්නේය; ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙකි. රජද: මා සමඟ යන්ට එන්න, යෙරුසලමේ මා වෙත නුඹ පෝෂ්‍යකරන්නෙමියි බර්සිල්ලයිට කීවේය. බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද? මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද? ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද? මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය. රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, නුඹට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. නුඹ මාගෙන් ඉල්ලන සියල්ලත් නුඹට කර දෙන්නෙමියි කීවේය. මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය. මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යූදා සෙනඟද ඉශ්‍රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය. එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යූදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය. සියලු යූදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. නුඹලා මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.
2 සාමුවෙල් 19:9-43 Sinhala New Revised Version (NRSV)
සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත. අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ. එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න. ‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න. තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නොවේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නොකළොත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය. මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය. එවිට රජ හැරී ජොර්දාන් ළඟට පැමිණියේ ය. ජුදා වාසීන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු කැඳවාගෙන එන පිණිස රජුගේ පෙරමඟට යන්නට ගිල්ගාල් නගරයට පැමිණියෝ ය. එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය. ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළොස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය. රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල, රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නොකළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නොසැලකුව මැනව; එය සිතට නොගත මැනව. මන්ද, ඔබේ දාසයා වන මා පව් කළ බව මම දනිමි. එබැවින් ජෝසෙප්ගේ මුළු වංශය අතරෙන්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ පෙරමඟට බැස එන්නට මම පළමු කොට ආවෙමි”යි කී ය. එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි පිළිතුරු දෙමින්, “ෂිමෙයි සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනු ලැබිය යුතු නොවේ දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ හැම අද මට එදිරි වීමට ඔබත් මාත් අතර තිබෙන සම්බන්ධකම කුමක් ද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත් කිරීම යුතු ද? අද මා ඉශ්රායෙල් කෙරෙහි රජු ව සිටින බව මම නොදනිම් දැ”යි කී ය. තවද, “ඔබ නොනසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය. සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත. තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නොගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි. මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව. මන්ද, මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමීන් වන රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූ හ. එසේ වී නමුත්, ඔබේ ම කෑම මේසයෙන් එකට කෑම කන අය අතරෙහි ඔබ, ඔබේ මෙහෙකරුවා වන මට තැනක් දුන්නේ ය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්නට මට අයිතියක් ඇද්දැ”යි කී ය. රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය. මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය. තවද, ගිලියද් වැසියෙකු වූ බර්ශිල්ලයි, රොගේලීම් සිට අවුත්, ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ ජොර්දානෙන් මෙගොඩට ආයේ ය. බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය. රජ ද, “මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය. බර්ශිල්ලයි පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “රජ්ජුරුවන් සමඟ ජෙරුසලමට යන්නට මාගේ ජීවිතයේ තවත් ඉතිරි වී ඇති අවුරුදු ගණන කොපමණ ද? මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද? ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද? මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.” රජ පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය. මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය. මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ. එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය. සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නොවෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.
2 සාමුවෙල් 19:9-43 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 19:9-43 New International Version (NIV)
Throughout the tribes of Israel, all the people were arguing among themselves, saying, “The king delivered us from the hand of our enemies; he is the one who rescued us from the hand of the Philistines. But now he has fled the country to escape from Absalom; and Absalom, whom we anointed to rule over us, has died in battle. So why do you say nothing about bringing the king back?” King David sent this message to Zadok and Abiathar, the priests: “Ask the elders of Judah, ‘Why should you be the last to bring the king back to his palace, since what is being said throughout Israel has reached the king at his quarters? You are my relatives, my own flesh and blood. So why should you be the last to bring back the king?’ And say to Amasa, ‘Are you not my own flesh and blood? May God deal with me, be it ever so severely, if you are not the commander of my army for life in place of Joab.’ ” He won over the hearts of the men of Judah so that they were all of one mind. They sent word to the king, “Return, you and all your men.” Then the king returned and went as far as the Jordan. Now the men of Judah had come to Gilgal to go out and meet the king and bring him across the Jordan. Shimei son of Gera, the Benjamite from Bahurim, hurried down with the men of Judah to meet King David. With him were a thousand Benjamites, along with Ziba, the steward of Saul’s household, and his fifteen sons and twenty servants. They rushed to the Jordan, where the king was. They crossed at the ford to take the king’s household over and to do whatever he wished. When Shimei son of Gera crossed the Jordan, he fell prostrate before the king and said to him, “May my lord not hold me guilty. Do not remember how your servant did wrong on the day my lord the king left Jerusalem. May the king put it out of his mind. For I your servant know that I have sinned, but today I have come here as the first from the tribes of Joseph to come down and meet my lord the king.” Then Abishai son of Zeruiah said, “Shouldn’t Shimei be put to death for this? He cursed the LORD’s anointed.” David replied, “What does this have to do with you, you sons of Zeruiah? What right do you have to interfere? Should anyone be put to death in Israel today? Don’t I know that today I am king over Israel?” So the king said to Shimei, “You shall not die.” And the king promised him on oath. Mephibosheth, Saul’s grandson, also went down to meet the king. He had not taken care of his feet or trimmed his mustache or washed his clothes from the day the king left until the day he returned safely. When he came from Jerusalem to meet the king, the king asked him, “Why didn’t you go with me, Mephibosheth?” He said, “My lord the king, since I your servant am lame, I said, ‘I will have my donkey saddled and will ride on it, so I can go with the king.’ But Ziba my servant betrayed me. And he has slandered your servant to my lord the king. My lord the king is like an angel of God; so do whatever you wish. All my grandfather’s descendants deserved nothing but death from my lord the king, but you gave your servant a place among those who eat at your table. So what right do I have to make any more appeals to the king?” The king said to him, “Why say more? I order you and Ziba to divide the land.” Mephibosheth said to the king, “Let him take everything, now that my lord the king has returned home safely.” Barzillai the Gileadite also came down from Rogelim to cross the Jordan with the king and to send him on his way from there. Now Barzillai was very old, eighty years of age. He had provided for the king during his stay in Mahanaim, for he was a very wealthy man. The king said to Barzillai, “Cross over with me and stay with me in Jerusalem, and I will provide for you.” But Barzillai answered the king, “How many more years will I live, that I should go up to Jerusalem with the king? I am now eighty years old. Can I tell the difference between what is enjoyable and what is not? Can your servant taste what he eats and drinks? Can I still hear the voices of male and female singers? Why should your servant be an added burden to my lord the king? Your servant will cross over the Jordan with the king for a short distance, but why should the king reward me in this way? Let your servant return, that I may die in my own town near the tomb of my father and mother. But here is your servant Kimham. Let him cross over with my lord the king. Do for him whatever you wish.” The king said, “Kimham shall cross over with me, and I will do for him whatever you wish. And anything you desire from me I will do for you.” So all the people crossed the Jordan, and then the king crossed over. The king kissed Barzillai and bid him farewell, and Barzillai returned to his home. When the king crossed over to Gilgal, Kimham crossed with him. All the troops of Judah and half the troops of Israel had taken the king over. Soon all the men of Israel were coming to the king and saying to him, “Why did our brothers, the men of Judah, steal the king away and bring him and his household across the Jordan, together with all his men?” All the men of Judah answered the men of Israel, “We did this because the king is closely related to us. Why are you angry about it? Have we eaten any of the king’s provisions? Have we taken anything for ourselves?” Then the men of Israel answered the men of Judah, “We have ten shares in the king; so we have a greater claim on David than you have. Why then do you treat us with contempt? Weren’t we the first to speak of bringing back our king?” But the men of Judah pressed their claims even more forcefully than the men of Israel.