2 සාමුවෙල් 18:1-18

2 සාමුවෙල් 18:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත්, තමා සමඟ වූ මිනිසුන් එක් රැස් කරවා, දහසේ සේනාධිපතීන් ද සියයේ සේනාධිපතීන් ද පත් කළේ ය. දාවිත් හේවායින්ගෙන් තුනෙන් කොටසක් යෝවාබ්ගේ අණ යටතේ ද තවත් තුනෙන් කොටසක් සෙරූයාගේ පුත්‍ර, යෝවාබ්ගේ සහෝදර අබිෂයිගේ අණ යටතේ ද අනෙක් තුනෙන් කොටස ගිත්තීය ඉත්තයිගේ අණ යටතේ ද පිටත් කර යැවී ය. “මාත් සැබවින් ම ඔබ සමඟ පිටතට එනවා” යි රජු හේවායින්ට පැවසී ය. එහෙත් ඒ මිනිස්සු, “ඔබ පිටතට නො යා යුතුයි. අපට පලා යන්නට සිදු වූවත් ඔවුන් අප ගැන සලකන්නේ නැත. අපෙන් හරි අඩක් මැරුණත් ඔවුන් ගණන් ගන්නේ නැත. එහෙත් ඔබ අපගේ දස දහසක් මෙන් වටී. එබැවින් ඔබ පුරය තුළ ම සිට අපට ආධාර එවීම යෙහෙකැ” යි කීහ. “වඩා හොඳයයි ඔබට පෙනෙන දෙයක් මම කරන්නම්” යි රජු ඔවුන්ට පැවසී ය. එබැවින් මුළු හමුදාව සියයේ හා දහසේ සේනාංක වශයෙන් පිටතට ගමන් කරන තෙක්, රජු පුර දොරටුව පසෙක සිටගෙන සිටියේ ය. රජු යෝවාබ්ට, අබිෂයිට හා ඉත්තයිට අණ කරමින්, “මා වෙනුවෙන් අබ්සලොම් තරුණයාට මෘදු ලෙස සලකන්නැ” යි කීවේ ය. අබ්සලොම් සම්බන්ධයෙන් එක් එක් සෙන්පතියාට රජු දුන් නියෝගය සියලු හේවායින්ට ඇසුණි. හමුදාව ඉශ්‍රායෙල් හා සටනට රණබිමට ගමන් ගත්හ. එප්‍රායිම් වනයේදී යුද්ධය ඇරඹිණ. මෙහිදී දාවිත්ගේ මිනිසුන් විසින් ඉශ්‍රායෙල් හමුදාව පරාජය කෙරිණ. එදින මැරී ගියවුන්ගේ ගණන ඉමහත් ය; විසිදහසක් පමණ දෙනෙකි. සටන මුළු ගම-රට පුරා ම පැතිර ගියේ ය. ඒ දවසේ කඩුව වැනසූ ජීවිතවලට වඩා වැඩි ගණනක් වනාන්තරය වැනසී ය. මේ අතර දාවිත්ගේ මිනිසුන්ට අබ්සලොම් මුණ ගැසිණ. අබ්සලොම් තම කොටළුවා පිට යද්දී කොටළුවා ඝන අතු සහිත මහ ඒලා ගසක් යටින් ගමන් ගත්තේ ය. අබ්සලොම්ගේ හිස එහි අතුවල පටැලිණි. ඔහු අහසත්, පොළොවත් අතර එල්ලී සිටියදී ඔහු නැගී ගිය කොටළුවා දිගට ම යන්නට ගියේ ය. ඒ දුටු එක් මිනිහෙක් යෝවාබ්ට ඒ වග දන්වමින්, “අන්න, අබ්සලොම් ඒලා ගසක එල්ලී සිටිනවා මා මේ දැන් දුටුවා” යි කීවේ ය. තමාට එසේ කී මිනිසා ඇමතූ යෝවාබ්, “මොනවා! ඔබ ඔහු දුටුවා? එසේ නම් ඔබ එතැනදී ම ඔහුට පහර දී බිම හෙළුවේ නැත්තේ ඇයි? එසේ කළා නම් මා ඔබට රිදී ෂෙකෙල් දහයකුත් වීර-ඉඟ පටියකුත් දෙනවා නො වේ දැ” යි කීවේ ය. එහෙත් ඒ මිනිසා පිළිතුරු දෙමින්, “රිදී ෂෙකෙල් දහසක් මගේ දෝතට දුන්නත්, රජුගේ පුතුට එරෙහිව මා මගේ අත ඔසවන්නේ නෑ. අප අසා සිටියදී ම රජු ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් නියෝග කරමින්, ‘මා උදෙසා අබ්සලොම් තරුණයා රැකගන්නැ’ යි කීවා. ඇරත් මා ඔහුගේ ජීවිතයට එරෙහිව ද්‍රෝහි ව ක්‍රියා කළේ නම්, ඔබ පැත්තකට වී සිටීවි. රජුගෙන් මේ කිසිවක් සැඟවී නැතැ” යි කීවේ ය. එවිට යෝවාබ්, “මෙතැන නුඹ සමඟ කාලය නාස්ති කළ නො හැකැ” යි කියමින් හෙල්ල තුනක් අතින් ගෙන, ඕක් ගසේ එල්ලී, තවමත් පණ පිටින් සිටි අබ්සලොම්ගේ හදවතට ඇන්නේ ය. යෝවාබ්ගේ අවි ගෙන යන තරුණයන් දස දෙනෙක් ද වට වී අබ්සලොම්ට පහර දී ඔහු මරා දැමූහ. ඉන්පසු යෝවාබ් හොරණෑව හැඬවූයෙන් හමුදාව ඉශ්‍රායෙල් ලුහුබැඳීම නැවැත්වූහ. මන්ද යෝවාබ් ඔවුන් වැළැක්වූවේ ය. ඔවුහු අබ්සලොම් ගෙන, කැලයේ මහ වළක හෙළා, ඔහු පිට විශාල ගල් ගොඩක් ගොඩ ගැසූහ. මේ අතර ඉශ්‍රායෙල්වරු සියල්ලෝ එකිනෙකා තම තමාගේ ගෙවලට පලා ගියහ. අබ්සලොම් ජීවත් ව සිටියදී, “මගේ නම ගෙන යන්නට මට පුතකු නැතැ” යි කියමින් තමා සිහිගැන්වීමට සැමරුම් කණුවක් රජුගේ මිටියාවතේ ඉදිකර තිබිණ. ඔහු එම කණුවට තමාගේ ම නම තැබී ය. අද දවස දක්වාත් එය අබ්සලොම් ස්මාරකය නමින් හැඳින් වේ.

2 සාමුවෙල් 18:1-18 Sinhala Revised Old Version (SROV)

දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන්කොට ඔවුන් කෙරෙහි සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පත්කෙළේය. තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය. මමත් නුඹලා සමඟ යමියි සෙනඟට රජ කීය. නුමුත් සෙනඟ: ඔබ නොගිය යුතුය. මක්නිසාද අප පලාගියත් ඔවුන් අප ගැන සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත. නුමුත් ඔබ අපෙන් දස දාහක් මෙන්ය. එබැවින් අපට උපකාරකරන්ට සූදානම්ව ඔබ නුවර සිටියොත් මැනවැයි කීවෝය. නුඹලාට ඉතා හොඳව පෙනෙන හැටියක් කරමියි රජ ඔවුන්ට කීය. රජ දොරටුවේ පැත්තකින් සිටිද්දී සියලු සෙනඟ සියය සියය බැගින්ද දහස දහස බැගින්ද පිටත්ව ගියෝය. රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය. මෙසේ සෙනඟ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව පිටතට ගියෝය. සටන එප්‍රායිම් වනයෙහිදී සිදුවිය. එතැනදී ඉශ්‍රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝය, එදා මහත් මැරීමක් සිදුවී මනුෂ්‍යයන් විසිදහසක් මැරුණෝය. යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශවුණාට වැඩි සෙනඟක් වනයෙන් විනාශවුණෝය. අබ්සලොම් තම අශ්වතරයා පිට නැගී යද්දී දාවිත්ගේ සේවකයන්ට මුණගැසුණේය. අශ්වතරයා මහත් අලෝන ගසක ඝන ශාඛා යටින් යද්දී ඔහුගේ හිස අලෝන ගසට අසුවී ඔහු අහසටත් පොළොවටත් අතරේ එල්ලී උන්නේය; ඔහු නැගීසිටි අශ්වතරයා යන්ට ගියේය. එක්තරා මනුෂ්‍යයෙක් ඒ දැක යෝවාබ්ට දන්වමින්, අබ්සලොම් අලෝන ගසක එල්ලී ඉන්නවා දුටිමියි කීවේය. යෝවාබ් තමාට එපවත් කී මනුෂ්‍යයාට කථාකොට: එසේ දුටු නුඹ එහිදී ඔහු ගසා නොහෙළුවේ මක්නිසාද? එසේ කෙළෙහිනම් රිදී දසයක්ද ඉඟපටියක්ද මම නුඹට දෙන්නෙමියි කීවේය. ඒ මනුෂ්‍යයාද: මට අත්පිට රිදී දහසක් ලැබුණත් රජුගේ පුත්‍රයාට විරුද්ධව මාගේ අත දිගුනොකරමි. මක්නිසාද කවුරුවත් අබ්සලොම් යෞවනයාට අත නොගසන ලෙස බලාගන්නය කියා අප අසාගන සිටියදී රජ්ජුරුවෝ ඔබටත් අබිෂයිටත් ඉත්තයිටත් අණකළහ. එසේ මම ඔහුගේ ජීවිතයට විරුද්ධව ද්‍රෝහිකම් කෙළෙම්නම් ඔබම මට විරුද්ධව සිටිනවා ඇත, මක්නිසාද කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැයි කීවේය. එවිට යෝවාබ්: මට මෙසේ නුඹ සමඟ ප්‍රමාදවෙවී ඉන්ට බැරිය කියා හෙල්ල තුනක් අතින් ගෙන අබ්සලොම් අලෝන ගස මැද පණ ඇතුව සිටිද්දීම එයින් ඔහුගේ හෘදයට ඇන්නේය. යෝවාබ්ගේ ආයුධ ගෙනයන මෙහෙකරුවෝ දස දෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහරදී ඔහු මැරුවෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය. ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය. අබ්සලොම් ජීවත්ව සිටියදී: මාගේ නාමය සිහිපත් කරවන්ට පුත්‍රයෙක් නැත කියා රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා උදෙසා පිහිටුවා, ඊට තමාගේ නාමයේ හැටියට නම් කෙළේය. අද දක්වා ඊට අබ්සලොම් ටැඹයයි කියති.

2 සාමුවෙල් 18:1-18 Sinhala New Revised Version (NRSV)

දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය. තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය. එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නො‍යා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය. “ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය. මෙසේ සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටත් ව ගියෝ ය. සටන එප්‍රායිම් වනයේ දී සිදු විය. එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ. යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ. අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය. එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, “අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය. ජෝවාබ් එපවත් තමාට කී මිනිසාට කතා කොට, “ඔබ ඔහු දුටුවෙහි ද? එසේ නම් ඔහු එතැන ම මරා බිමට නො‍දැමුවේ මන් ද? ඔබ එසේ කෙළෙහි නම්, රිදී දසයක් ද ඉඟ පටියක් ද මා ඔබට දෙන්නට තිබුණේ ය”යි කීවේ ය. ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නො‍ගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ. එසේ හෙයින් මම ඔහුගේ ජීවිතයට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙම් නම්, ඔබ ම මට විරුද්ධ ව සිටිනු ඇත; මන්ද, කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැ”යි කී ය. එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය. ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය. අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.

2 සාමුවෙල් 18:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 18:1-18 New International Version (NIV)

David mustered the men who were with him and appointed over them commanders of thousands and commanders of hundreds. David sent out his troops, a third under the command of Joab, a third under Joab’s brother Abishai son of Zeruiah, and a third under Ittai the Gittite. The king told the troops, “I myself will surely march out with you.” But the men said, “You must not go out; if we are forced to flee, they won’t care about us. Even if half of us die, they won’t care; but you are worth ten thousand of us. It would be better now for you to give us support from the city.” The king answered, “I will do whatever seems best to you.” So the king stood beside the gate while all his men marched out in units of hundreds and of thousands. The king commanded Joab, Abishai and Ittai, “Be gentle with the young man Absalom for my sake.” And all the troops heard the king giving orders concerning Absalom to each of the commanders. David’s army marched out of the city to fight Israel, and the battle took place in the forest of Ephraim. There Israel’s troops were routed by David’s men, and the casualties that day were great—twenty thousand men. The battle spread out over the whole countryside, and the forest swallowed up more men that day than the sword. Now Absalom happened to meet David’s men. He was riding his mule, and as the mule went under the thick branches of a large oak, Absalom’s hair got caught in the tree. He was left hanging in midair, while the mule he was riding kept on going. When one of the men saw what had happened, he told Joab, “I just saw Absalom hanging in an oak tree.” Joab said to the man who had told him this, “What! You saw him? Why didn’t you strike him to the ground right there? Then I would have had to give you ten shekels of silver and a warrior’s belt.” But the man replied, “Even if a thousand shekels were weighed out into my hands, I would not lay a hand on the king’s son. In our hearing the king commanded you and Abishai and Ittai, ‘Protect the young man Absalom for my sake.’ And if I had put my life in jeopardy—and nothing is hidden from the king—you would have kept your distance from me.” Joab said, “I’m not going to wait like this for you.” So he took three javelins in his hand and plunged them into Absalom’s heart while Absalom was still alive in the oak tree. And ten of Joab’s armor-bearers surrounded Absalom, struck him and killed him. Then Joab sounded the trumpet, and the troops stopped pursuing Israel, for Joab halted them. They took Absalom, threw him into a big pit in the forest and piled up a large heap of rocks over him. Meanwhile, all the Israelites fled to their homes. During his lifetime Absalom had taken a pillar and erected it in the King’s Valley as a monument to himself, for he thought, “I have no son to carry on the memory of my name.” He named the pillar after himself, and it is called Absalom’s Monument to this day.