2 සාමුවෙල් 12:10-12
2 සාමුවෙල් 12:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් කඩුපත කිසි දින ඔබේ වංශය හැර යන්නේ නැත. මන්ද නුඹ මට නිගරු කරමින්, හිත්තීය ඌරියාගේ බිරිඳ නුඹේ බිරිඳ කර ගත් බැවිනි.’ “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මම නුඹේ ම ගෘහ වාසීන් අතරින් නුඹ පිටට විපත්තිය ගෙනෙන්නෙමි. නුඹේ ඇස් පනා පිටදී නුඹේ භාර්යාවන් ගෙන, නුඹේ සමීපතමයකුට දෙන්නෙමි. නුඹේ භාර්යාවන් සමඟ ඔහු මේ හිරු ඉදිරිපිට ම රමණය කරනු ඇත. නුඹ හොර රහසේ එය කළ නමුදු, මම හිරු ඉදිරිපිට ම ඉශ්රායෙල් සියල්ලන් ඉදිරියේ ඒ දේ කරන්නෙමි’ යි” පැවසී ය.
2 සාමුවෙල් 12:10-12 Sinhala Revised Old Version (SROV)
ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය. මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය.
2 සාමුවෙල් 12:10-12 Sinhala New Revised Version (NRSV)
ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
2 සාමුවෙල් 12:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
2 සාමුවෙල් 12:10-12 New International Version (NIV)
Now, therefore, the sword will never depart from your house, because you despised me and took the wife of Uriah the Hittite to be your own.’ “This is what the LORD says: ‘Out of your own household I am going to bring calamity on you. Before your very eyes I will take your wives and give them to one who is close to you, and he will sleep with your wives in broad daylight. You did it in secret, but I will do this thing in broad daylight before all Israel.’ ”