2 සාමුවෙල් 12:1-12
2 සාමුවෙල් 12:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “එක් නගරයක මිනිසුන් දෙදෙනෙක් සිටියා. ඉන් කෙනෙක් පොහොසතෙක්; අනෙකා දුප්පතෙක්. ධනවතාට අති මහත් ගණනාවක් බැටළුවන් සහ ගවයින් හිටියා. එනමුත් දුප්පත් මිනිසාට ඔහු මිල දී ගෙනැවිත් සිටි බැටළු පැටවියක මිස අන් කිසිවක් තිබුණේ නෑ. ඔහු, ඇය ඇතිදැඩි කළා. ඈ ඔහු ද ඔහුගේ දරුවන් ද සමඟ වැඩුණා. ඔහුගේ ආහාරයට පංගුකාර වූවා. ඔහුගේ කුසලානෙන් බීවා. ඔහුගේ තුරුලේ නිදාගත්තා. ඇය ඔහුට දුවක මෙන් වූවා. “දිනක්, පොහොසත් මිනිසා වෙත සංචාරකයෙක් ආවා. තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කිරීමට තමාගේ ම බැටළුවන් හෝ ගවයින් ගැනීමට කැමති නො වූ පොහොසතා, දුප්පත් මිනිසා සතු ව සිටි බැටළු පැටවිය ගෙන, තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කළා” යි කීවේ ය. එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය. එවිට නාතාන්, දාවිත්ට කතා කොට, “ඔබයි ඒ මිනිසා! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල් රජකමට මම ඔබ ආලේප කළෙමි. සාවුල් අතින් මම ඔබ ගලවා ගතිමි. ඔබේ හාම්පුතාගේ ගෘහ වාසීන් ඔබට මම දුනිමි. ඔබේ හාම්පුතාගේ බිරින්දෑවරුන් මම නුඹේ තුරුලට දුනිමි. ඉශ්‍රායෙල් හා යූදා වංශය මම නුඹට දුනිමි. ඒ දෑ සියල්ල නුඹට නො සෑහේ නම්, මම නුඹට තව තවත් එකතු කරන්නෙමි. උන්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට නුඹ නිගරු කළේ ඇයි? නුඹ හිත්තීය ඌරියා කඩුවෙන් ගසා හෙළා, ඔහුගේ බිරිඳ, නුඹේ බිරිඳ කර ගෙන ඇත. නුඹ අම්මොන්වරුන්ගේ කඩුපතින් ඔහු මරා දැමී ය. එබැවින් කඩුපත කිසි දින ඔබේ වංශය හැර යන්නේ නැත. මන්ද නුඹ මට නිගරු කරමින්, හිත්තීය ඌරියාගේ බිරිඳ නුඹේ බිරිඳ කර ගත් බැවිනි.’ “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මම නුඹේ ම ගෘහ වාසීන් අතරින් නුඹ පිටට විපත්තිය ගෙනෙන්නෙමි. නුඹේ ඇස් පනා පිටදී නුඹේ භාර්යාවන් ගෙන, නුඹේ සමීපතමයකුට දෙන්නෙමි. නුඹේ භාර්යාවන් සමඟ ඔහු මේ හිරු ඉදිරිපිට ම රමණය කරනු ඇත. නුඹ හොර රහසේ එය කළ නමුදු, මම හිරු ඉදිරිපිට ම ඉශ්‍රායෙල් සියල්ලන් ඉදිරියේ ඒ දේ කරන්නෙමි’ යි” පැවසී ය.
2 සාමුවෙල් 12:1-12 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය. ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ. නුමුත් දිළින්දාට තමා මිලේට ගෙන ඇතිකළාවූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවීය. ඈ ඔහු වෙතම ඔහුගේ දරුවන් සමඟ වැඩෙමින්ද ඔහුගේ කෑම ටිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ළයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය. ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය. එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය. එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා නුඹය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම නුඹ සාවුල් අතින් ගළවාගතිමි. මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය. ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය. මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය.
2 සාමුවෙල් 12:1-12 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි. එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය. “දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.” ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය. එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි. නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය. ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
2 සාමුවෙල් 12:1-12 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 12:1-12 New International Version (NIV)
The LORD sent Nathan to David. When he came to him, he said, “There were two men in a certain town, one rich and the other poor. The rich man had a very large number of sheep and cattle, but the poor man had nothing except one little ewe lamb he had bought. He raised it, and it grew up with him and his children. It shared his food, drank from his cup and even slept in his arms. It was like a daughter to him. “Now a traveler came to the rich man, but the rich man refrained from taking one of his own sheep or cattle to prepare a meal for the traveler who had come to him. Instead, he took the ewe lamb that belonged to the poor man and prepared it for the one who had come to him.” David burned with anger against the man and said to Nathan, “As surely as the LORD lives, the man who did this must die! He must pay for that lamb four times over, because he did such a thing and had no pity.” Then Nathan said to David, “You are the man! This is what the LORD, the God of Israel, says: ‘I anointed you king over Israel, and I delivered you from the hand of Saul. I gave your master’s house to you, and your master’s wives into your arms. I gave you all Israel and Judah. And if all this had been too little, I would have given you even more. Why did you despise the word of the LORD by doing what is evil in his eyes? You struck down Uriah the Hittite with the sword and took his wife to be your own. You killed him with the sword of the Ammonites. Now, therefore, the sword will never depart from your house, because you despised me and took the wife of Uriah the Hittite to be your own.’ “This is what the LORD says: ‘Out of your own household I am going to bring calamity on you. Before your very eyes I will take your wives and give them to one who is close to you, and he will sleep with your wives in broad daylight. You did it in secret, but I will do this thing in broad daylight before all Israel.’ ”