2 පේතෘස් 3:10-12
2 පේතෘස් 3:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මක ව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත. මේ මුළු විශ්වය ම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත් ව, දේව භක්තික ව ජීවත් විය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ දවස ගැන මග බලා හිඳිමිනි; එය කඩිනම් වීමේ අපේක්ෂාවෙනි. ඒ දවසේ අහස ගින්නෙන් දැවී විනාශ වී යන්නේ ය. ආකාශ වස්තූන් ද තාපයෙන් දියවී යනු ඇත.
2 පේතෘස් 3:10-12 Sinhala Revised Old Version (SROV)
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය. මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.
2 පේතෘස් 3:10-12 Sinhala New Revised Version (NRSV)
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය. මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත.
2 පේතෘස් 3:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය. මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත.
2 පේතෘස් 3:10-12 New International Version (NIV)
But the day of the Lord will come like a thief. The heavens will disappear with a roar; the elements will be destroyed by fire, and the earth and everything done in it will be laid bare. Since everything will be destroyed in this way, what kind of people ought you to be? You ought to live holy and godly lives as you look forward to the day of God and speed its coming. That day will bring about the destruction of the heavens by fire, and the elements will melt in the heat.