2 පේතෘස් 3:1-16

2 පේතෘස් 3:1-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින් ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතුවිලි පුබුදාලීමටයි. ශුද්ධ දිවැසිවරුන් මගින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මගින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි. සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේ ම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හි දී පැමිණෙන වගයි. ඔවුන්, “එතුමාණන් පොරොන්දු වූ පැමිණීම කෝ! අපේ පියවරුන් මැරුණු පසුත්, ලෝකය මැවූ තැන් පටන් තිබූ ලෙස හැම දේ වෙතැ” යි කියනු ඇත. ඔවුහු හිතා-මතා මේ කාරණ අමතක කරති. එනම්, දෙවියන්වහන්සේගේ වචනයෙන් ඈත අතීතයේ පටන් අහස තිබූ බවත්, ජලය මගින් ජලයෙන් ම පොළොව නිර්මාණ කරන ලද බවත්, එකල පැවති ලෝකය ඒ ජලය මගින් ම විනාශ කර දමන ලද බවත්, එම දේව වචනයෙන් ම මේ වත්මන් අහස හා පොළොව ගිනිලනු පිණිස අවසන් විනිශ්චය දවස හා අභක්තික-දුෂ්ටයින්ගේ විනාශය දක්වා වෙන් කර තබා ඇති බවත් ය. එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය. පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක් ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක. එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මක ව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත. මේ මුළු විශ්වය ම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත් ව, දේව භක්තික ව ජීවත් විය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ දවස ගැන මග බලා හිඳිමිනි; එය කඩිනම් වීමේ අපේක්ෂාවෙනි. ඒ දවසේ අහස ගින්නෙන් දැවී විනාශ වී යන්නේ ය. ආකාශ වස්තූන් ද තාපයෙන් දියවී යනු ඇත. එහෙත් උන්වහන්සේගේ පොරොන්දුව පරිදි ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද අලුත් පොළොවක් ද ගැන බලාපොරොත්තුවෙන් අපි මග බලා හිඳින්නෙමු. ඒ සඳහා ඔබ මග බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිත ව, දෝෂ රහිත ව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක් ම දරන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබා ගන්න. ඔහු තම ලිපි මගින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියක ම ලියන්නේ මේ දේ ම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන් ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.

2 පේතෘස් 3:1-16 Sinhala Revised Old Version (SROV)

ප්‍රේමවන්තයෙනි, දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි. අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න. මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය. මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය. එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව. ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න. අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක්මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න. එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.

2 පේතෘස් 3:1-16 Sinhala New Revised Version (NRSV)

ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි. ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න. මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත. “උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?” මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්, එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති. දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති. එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න. පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක. එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය. මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත. එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු. එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න. අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය. තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.

2 පේතෘස් 3:1-16 Sinhala New Revised Version 2018 (SNRV)

ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි. ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ අපෝස්තුළුවරු විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න. මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත. “උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?” මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්, එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති. දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති. එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න. පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක. එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය. මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය. දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත. එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු. එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න. අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය. තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.

2 පේතෘස් 3:1-16 New International Version (NIV)

Dear friends, this is now my second letter to you. I have written both of them as reminders to stimulate you to wholesome thinking. I want you to recall the words spoken in the past by the holy prophets and the command given by our Lord and Savior through your apostles. Above all, you must understand that in the last days scoffers will come, scoffing and following their own evil desires. They will say, “Where is this ‘coming’ he promised? Ever since our ancestors died, everything goes on as it has since the beginning of creation.” But they deliberately forget that long ago by God’s word the heavens came into being and the earth was formed out of water and by water. By these waters also the world of that time was deluged and destroyed. By the same word the present heavens and earth are reserved for fire, being kept for the day of judgment and destruction of the ungodly. But do not forget this one thing, dear friends: With the Lord a day is like a thousand years, and a thousand years are like a day. The Lord is not slow in keeping his promise, as some understand slowness. Instead he is patient with you, not wanting anyone to perish, but everyone to come to repentance. But the day of the Lord will come like a thief. The heavens will disappear with a roar; the elements will be destroyed by fire, and the earth and everything done in it will be laid bare. Since everything will be destroyed in this way, what kind of people ought you to be? You ought to live holy and godly lives as you look forward to the day of God and speed its coming. That day will bring about the destruction of the heavens by fire, and the elements will melt in the heat. But in keeping with his promise we are looking forward to a new heaven and a new earth, where righteousness dwells. So then, dear friends, since you are looking forward to this, make every effort to be found spotless, blameless and at peace with him. Bear in mind that our Lord’s patience means salvation, just as our dear brother Paul also wrote you with the wisdom that God gave him. He writes the same way in all his letters, speaking in them of these matters. His letters contain some things that are hard to understand, which ignorant and unstable people distort, as they do the other Scriptures, to their own destruction.