2 පේතෘස් 1:1-4

2 පේතෘස් 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මගින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි. දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා! ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක් ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි. එතුළින් උන්වහන්සේ අනර්ඝ වූත්, අති ශ්‍රේෂ්ඨ වූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කර ගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.

2 පේතෘස් 1:1-4 Sinhala Revised Old Version (SROV)

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්: දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා. මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ. ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

2 පේතෘස් 1:1-4 Sinhala New Revised Version (NRSV)

මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද ප්‍රේරිතවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය. දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා! උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය. මෙලෙස උන් වහන්සේ ඉතා අගනා, අතිඋතුම් පොරොන්දු අපට දානය කර ඇත. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ය.

2 පේතෘස් 1:1-4 Sinhala New Revised Version 2018 (SNRV)

මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද අපෝස්තුළුවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය. දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා! උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය. මෙලෙස උන් වහන්සේ ඉතා අගනා, අතිඋතුම් පොරොන්දු අපට දානය කර ඇත. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ය.