2 රාජාවලිය 8:7-13
2 රාජාවලිය 8:7-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එලීෂා දමස්කය වෙත ගියේ ය. අරාම්හි රජු වූ බෙන්-හදද් රෝගී ව සිටියේ ය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි පැමිණ සිටිතැ” යි රජුට දන්වනු ලැබිණ. ඔහු හසායෙල් අමතා, “ඔබ තෑග්ගක් රැගෙන, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හමු වන්නට ගොස්, ‘මේ රෝගයෙන් මා සුව වේ දැ?’ යි ඔහු මගින් ස්වාමින්වහන්සේගෙන් විචාරන්නැ” යි කීවේ ය. හසායෙල්, ඔටුවන් හතළිහක් පිට පැට වූ දමස්කයේ සියලු ඉස්තරම් බඩු සහිත ත්‍යාගයක් රැගෙන එලීෂා හමු වන්නට පිටත් ව ගොස්, එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ ‘මම මේ රෝගයෙන් සුවය ලබම් දැ’ යි අසන්නට අරාම්හි රජු වූ ඔබේ පුත් බෙන්-හදද් මා එවී යැ” යි පැවසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ ‘ඔබ සැබවින් ම සුවය ලබනු ඇතැ’ යි ගොස්, ඔහුට කියන්න. එහෙත් නියතයෙන් ම ඔහු මැරෙන වග ස්වාමින්වහන්සේ මට එළිදරවු කර තිබේ යැ” යි පැවසී ය. ඔහු අපහසුතාවට පත් වන තුරු තද බැල්මකින් ඔහු දෙස බලා සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉන්පසු වැලපෙන්නට වන්නේ ය. “ඇයි මගේ ස්වාමියා වැලපෙන්නේ” යි හසායෙල් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරුන්ට ඔබ කරන්නට යන නපුර මා දන්නා නිසා යැ” යි කී ඔහු, “ඔබ ඔවුන්ගේ බළකොටු ගිනි තබා, ඔවුන්ගේ තරුණයින් කඩු ගා, ඔවුන්ගේ ළදරුවන් පොළොවේ ගසා, ඔවුන්ගේ ගැබිනි කාන්තාවන් ඉරා දමනු ඇතැ” යි පැවසී ය. “බල්ලෙක් වැනි වූ ඔබේ මෙහෙකරු මා එවැනි වික්‍රමයක් කරන්නේ කෙසේ දැ?” යි හසායෙල් ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබ අරාම්හි රජකමට පත් වන වග ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබේ යැ” යි පැවසී ය.
2 රාජාවලිය 8:7-13 Sinhala Revised Old Version (SROV)
එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය. රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය. එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය. එලිෂාද: නුඹ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි ඔහුට කීවේය. තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය. එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය. හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.
2 රාජාවලිය 8:7-13 Sinhala New Revised Version (NRSV)
එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී. රජ හසායෙල්ට කතා කොට, “ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය. එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය. එලිෂා ද උත්තර දෙමින්, “ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය. තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය. එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය. හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.
2 රාජාවලිය 8:7-13 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 8:7-13 New International Version (NIV)
Elisha went to Damascus, and Ben-Hadad king of Aram was ill. When the king was told, “The man of God has come all the way up here,” he said to Hazael, “Take a gift with you and go to meet the man of God. Consult the LORD through him; ask him, ‘Will I recover from this illness?’ ” Hazael went to meet Elisha, taking with him as a gift forty camel-loads of all the finest wares of Damascus. He went in and stood before him, and said, “Your son Ben-Hadad king of Aram has sent me to ask, ‘Will I recover from this illness?’ ” Elisha answered, “Go and say to him, ‘You will certainly recover.’ Nevertheless, the LORD has revealed to me that he will in fact die.” He stared at him with a fixed gaze until Hazael was embarrassed. Then the man of God began to weep. “Why is my lord weeping?” asked Hazael. “Because I know the harm you will do to the Israelites,” he answered. “You will set fire to their fortified places, kill their young men with the sword, dash their little children to the ground, and rip open their pregnant women.” Hazael said, “How could your servant, a mere dog, accomplish such a feat?” “The LORD has shown me that you will become king of Aram,” answered Elisha.