2 රාජාවලිය 6:14-17

2 රාජාවලිය 6:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ඔහු අශ්වයින් ද රථ ද විශාල සේනාංකයක් ද එහි යැවී ය. ඔවුහු රාත්‍රියේ පිටත් ව ගොස්, පුරවරය වටලා ගත්හ. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය. “භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය. එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය.

2 රාජාවලිය 6:14-17 Sinhala Revised Old Version (SROV)

එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය. ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය. එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.

2 රාජාවලිය 6:14-17 Sinhala New Revised Version (NRSV)

එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.

2 රාජාවලිය 6:14-17 Sinhala New Revised Version 2018 (SNRV)