2 රාජාවලිය 4:11-17

2 රාජාවලිය 4:11-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දිනක් එහි පැමිණි එලීෂා එම කාමරයට ගොස්, එහි වැතිරුණේ ය. ඔහු තම සේවක ගෙහාසී අමතමින්, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු ඇයට හඬ ගැසූ බැවින්, ඈ ඔහු ඉදිරියේ සිටගත්තා ය. එලීෂා ඔහු අමතා, “ඇයට මෙසේ කියන්න. ‘ඔබ අප නිසා මේ සියලු කරදර විඳී. ඔබ උදෙසා අපට කළ හැක්කේ කවරක් ද? ඔබ වෙනුවෙන් රජුට හෝ හමුදාපතිට හෝ කතා කරන්න දැ?’ යි” පැවසී ය. ඈ පිළිතුරු දෙමින්, “මගේ ම ජනයා අතරේ නිවසක් මට තිබේ යැ” යි කීවා ය. “ඇය උදෙසා කළ හැක්කේ කුමක් දැ?” යි එලීෂා ඇසී ය. ගෙහාසී පිළිතුරු දෙමින්, “ඇයට පුතකු නැත. ඇගේ සැමියත් මහලු යැ” යි කී ය. එවිට එලීෂා, “ඇයට හඬ ගසන්නැ” යි කී ය. එසේ ඔහු ඇයට හඬ ගැසූ කල, ඈ දොරකඩ සිටගත්තා ය. එලීෂා කතා කොට, “ලබන වසරේ මේ කාලය වන විට ඔබ පුතකු වැලඳ ගන්නවා ඇතැ” යි කීවේ ය. ඈ ඊට විරුද්ධ වෙමින්, “නැත මා ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසිය රවටන්න එපා යැ” යි කීවා ය. එහෙත් ඒ කාන්තාව ගැබ් ගත්තා ය. එලීෂා ඇයට කියා තිබූ පරිදි, ඊළඟ වසරේ එම කාලයේදී ඈ පුතකු බිහි කළා ය.

2 රාජාවලිය 4:11-17 Sinhala Revised Old Version (SROV)

එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය. එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් නුඹ අප ගැන සැලකුවෙහිය; නුඹ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ නුඹ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය. එසේවීනම් ඈ උදෙසා කරන්ට තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසුවේය. ගෙහාසී: ඈට පුත්‍රයෙක් නැත; ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය. ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය. ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය. ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය.

2 රාජාවලිය 4:11-17 Sinhala New Revised Version (NRSV)

එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේ ය. තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය. එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය. “එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය. ගෙහාසී කතා කොට, “ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය. “ඈට අඬගසන්නැ”යි ඔහු කී ය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවා ය. එවිට ඔහු කතා කොට, “ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයකු අතට ගන්නෙහි ය”යි කී ය. ඈ ද, “නැත, මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබේ දාසීට බොරු කියන්නට එපා ය”යි කීවා ය. ඒ ස්ත්‍රිය ගර්භණී ව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයකු ලැබුවා ය.

2 රාජාවලිය 4:11-17 Sinhala New Revised Version 2018 (SNRV)