2 රාජාවලිය 18:5-8
2 රාජාවලිය 18:5-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හෙසකියා, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තැබී ය. යූදා රජුන් සියල්ලන් අතරේ හෙසකියාට සමාන කෙනකු ඔහුට පෙර හෝ පසුව හෝ සිටියේ නැත. ඔහු ස්වාමින්වහන්සේට ඇලුම් ව සිටිමින් උන්වහන්සේ අනුව යෑම අත්හැරියේ නැත. ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් ආඥා ඔහු රක්ෂා කළේ ය. තවද ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක; ඔහු කළ හැම දේකදී ම ඔහු සඵලවත් විය. ඔහු අසිරියාවේ රජුට එරෙහිව කැරලි ගසා, ඔහුට සේවය කිරීම නතර කළේ ය. ඔහු මුර කොටුවේ සිට බළකොටු පුරවරයට, ගාසා සහ එයට අයත් පළාත් දක්වා පිලිස්තිවරුන් පරාජය කළේ ය.
2 රාජාවලිය 18:5-8 Sinhala Revised Old Version (SROV)
ඔහු ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය. ඔහු ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිට, උන්වහන්සේ අනුව යාම අත්නොහැර, ස්වාමීන්වහන්සේ විසින් මෝසෙස්ට අණකළ උන්වහන්සේගේ ආඥා රක්ෂාකෙළේය. ස්වාමීන්වහන්සේ ද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය. ඔහු ගාසා සහ එහි සීමාවල් දක්වාද මුර කොටුව පටන් පවුරු සහිත නුවර දක්වාද පිලිස්තිවරුන්ට පහර දුන්නේය.
2 රාජාවලිය 18:5-8 Sinhala New Revised Version (NRSV)
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය. ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය. ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
2 රාජාවලිය 18:5-8 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය. ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය. ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
2 රාජාවලිය 18:5-8 New International Version (NIV)
Hezekiah trusted in the LORD, the God of Israel. There was no one like him among all the kings of Judah, either before him or after him. He held fast to the LORD and did not stop following him; he kept the commands the LORD had given Moses. And the LORD was with him; he was successful in whatever he undertook. He rebelled against the king of Assyria and did not serve him. From watchtower to fortified city, he defeated the Philistines, as far as Gaza and its territory.