2 රාජාවලිය 18:5-8
2 රාජාවලිය 18:5-8 SNRV
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය. ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය. ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.

