2 රාජාවලිය 16:1-5
2 රාජාවලිය 16:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රෙමලියාගේ පුත් පෙකාගේ දාහත්වන වසරේ, යූදා රජු වූ යෝතාම්ගේ පුත් ආහාස් රජකම් කරන්නට පටන් ගත්තේ ය. ආහාස් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහු තම පියා වූ දාවිත් මෙන් නො ව, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ නැත. ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල්කම්වලට අනුව, තම පුත්‍රයා පවා ගින්නෙන් පූජා කළේ ය. ඔහු උස් තැන් පුදසුන් පිටත්, කඳු මුදුන් පිට සහ අතු විහිදුණු සියලු ගස් යටත් යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දැවී ය. ඉන්පසු අරාම්හි රජු වූ රෙසීන් හා ඉශ්‍රායෙල් රජු වූ රෙමලියාගේ පුත් පෙකා යෙරුසලමට එරෙහි සටනට අවුත්, ආහාස් වැටලූ නමුත් ඔහු යටත් කර ගන්නට ඔවුන්ට නො හැකි විය.
2 රාජාවලිය 16:1-5 Sinhala Revised Old Version (SROV)
රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය. ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකර, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය. ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය. එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය.
2 රාජාවලිය 16:1-5 Sinhala New Revised Version (NRSV)
රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය. ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය. එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.
2 රාජාවලිය 16:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 16:1-5 New International Version (NIV)
In the seventeenth year of Pekah son of Remaliah, Ahaz son of Jotham king of Judah began to reign. Ahaz was twenty years old when he became king, and he reigned in Jerusalem sixteen years. Unlike David his father, he did not do what was right in the eyes of the LORD his God. He followed the ways of the kings of Israel and even sacrificed his son in the fire, engaging in the detestable practices of the nations the LORD had driven out before the Israelites. He offered sacrifices and burned incense at the high places, on the hilltops and under every spreading tree. Then Rezin king of Aram and Pekah son of Remaliah king of Israel marched up to fight against Jerusalem and besieged Ahaz, but they could not overpower him.