2 රාජාවලිය 1:1-9

2 රාජාවලිය 1:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ආහාබ්ගේ මරණයෙන් පසු, මෝවබ් ඉශ්‍රායෙල්ට එරෙහිව කැරලි ගැසී ය. මේ අතර අහසියා, සමාරියේ තම උඩු මහල් මැදුරේ ගරාදි අතරෙන් වැටී, තුවාල ලැබී ය. එබැවින් ඔහු පණිවුඩකරුවන් යවමින්, ඔවුන් අමතා, “යන්න, මේ තුවාලවලින් මට සුවය ලැබේදැයි එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා තිෂ්බීය එලියා අමතමින්, “යන්න, සමාරියේ රජුගේ පණිවුඩකරුවන් හමුවට ගොස්, ඔවුන්ගෙන් මෙසේ අහන්න: ‘එක්‍රෝන් දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නට නුඹලා යන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද?’ එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘වැතිරී සිටින යහනෙන් ඔබ බසින්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ’ යි” පැවසී ය. එවිට එලියා පිටත් ව ගියේ ය. පණිවුඩකරුවන් ආපසු හැරී රජු වෙත ගිය කල ඔහු, “ඔබ ආපසු හැරී ආවේ ඇයි දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අප මුණගැසෙන්නට මනුෂ්‍යයෙක් ආවා. ඔහු අප අමතා, ‘ඔබ එවූ රජු වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට ඔබ මිනිසුන් යවන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද? එබැවින් වැතිරී සිටින යහනෙන් ඔබ බැස යන්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ” යි’ කීවා යි” පැවසූහ. රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ. “ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය. එවිට ඔහු පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති කඳු මුඳුනේ හිඳ සිටි එලියා වෙත ගොස්, ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය.

2 රාජාවලිය 1:1-9 Sinhala Revised Old Version (SROV)

ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය. තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය. එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආවෝය, නුඹලා හැරී ආවේ මක්නිසාදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය. නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය. එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය.

2 රාජාවලිය 1:1-9 Sinhala New Revised Version (NRSV)

ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය. එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය. එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ. “ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය. එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.

2 රාජාවලිය 1:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය. එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය. එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ. “ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය. එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.

2 රාජාවලිය 1:1-9 New International Version (NIV)

After Ahab’s death, Moab rebelled against Israel. Now Ahaziah had fallen through the lattice of his upper room in Samaria and injured himself. So he sent messengers, saying to them, “Go and consult Baal-Zebub, the god of Ekron, to see if I will recover from this injury.” But the angel of the LORD said to Elijah the Tishbite, “Go up and meet the messengers of the king of Samaria and ask them, ‘Is it because there is no God in Israel that you are going off to consult Baal-Zebub, the god of Ekron?’ Therefore this is what the LORD says: ‘You will not leave the bed you are lying on. You will certainly die!’ ” So Elijah went. When the messengers returned to the king, he asked them, “Why have you come back?” “A man came to meet us,” they replied. “And he said to us, ‘Go back to the king who sent you and tell him, “This is what the LORD says: Is it because there is no God in Israel that you are sending messengers to consult Baal-Zebub, the god of Ekron? Therefore you will not leave the bed you are lying on. You will certainly die!” ’ ” The king asked them, “What kind of man was it who came to meet you and told you this?” They replied, “He had a garment of hair and had a leather belt around his waist.” The king said, “That was Elijah the Tishbite.” Then he sent to Elijah a captain with his company of fifty men. The captain went up to Elijah, who was sitting on the top of a hill, and said to him, “Man of God, the king says, ‘Come down!’ ”