2 1 වංශාවලිය 8:1-18
2 1 වංශාවලිය 8:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ගෘහයත්, තමාගේ ම ගෘහයත් ඉදි කරන්නට සාලමොන් ගත කළ විසි වසර අවසානයේ, තමාට හූරාම් දී තිබූ පුරවර සාලමොන් යළි ඉදිකර, ඉශ්‍රායෙල් ජනයා එහි පදිංචි කරවී ය. සාලමොන් ඉන්පසු හමාත්-සෝබා වෙත ගොස්, එය අල්ලා ගත්තේ ය. ඔහු කාන්තාරයේ තද්මොර් ද ඉදි කළේ ය. ඔහු හමාත්හි තනා තිබූ සියලු ගබඩා පුරවර ද ඉදි කළේ ය. ඔහු ඉහළ බෙත්-හෝරෝන් හා පහළ බෙත්-හෝරොන් ද බළකොටු පුරවර වශයෙන් පවුරු ද දොරටු ද අගුල් ද සහිත ව ඉදි කළේ ය. තවද බාලාත් ද තම ගබඩා පුරවර සියල්ල ද තම රථ හා අශ්වාරෝහකයනට සියලු නගර ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත් තමා පාලනය කළ මුළු පළාත පුරාත්, තමන් ඉදි කරන්නට රිසි වූ සියල්ල ද ඉදි කළේ ය. ඉශ්‍රායෙල්වරුන් නො වූ හිත්තිවරුන්ගෙන්, අමෝරිවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීවරුන්ගෙන් හා යෙබූසිවරුන්ගෙන් ඉතිරි ව සිටි සියලු මිනිසුන්, එනම් ඉශ්‍රායෙල්වරුන් විසින් විනාශ නො කර, දේශයෙහි ඉතිරි කරන ලද්දවුන්ගෙන් පැවත එන්නන්, අද දක්වා ඇති පරිදි, සාලමොන් බැළ මෙහෙවර සඳහා යොදවා ගත්තේ ය. එහෙත් සාලමොන්, ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවකු තමාගේ වැඩට වහලුන් කොට ගත්තේ නැත; ඔවුහු ඔහුගේ සෙබළුන්, ඔහුගේ නිලධාරීන්, ඔහුගේ රථ හා අසරුවන්ගේ අණ දෙන්නන් වශයෙන් සිටියහ. සාලමොන් රජුගේ ප්‍රධාන නිලධාරීන් වූ ඔවුහු ගණනින් දෙසිය පනස් දෙනෙකි. ඔවුහු ජනයාට ඉහළින් අධිකාරිත්වය දැරූහ. සාලමොන්, පාරාවෝගේ දියණිය උදෙසා ඔහු තනා තිබූ මන්දිරය වෙත දාවිත් පුරයේ සිට ඇය කැඳවාගෙන ආවේ ය. මන්ද, “ස්වාමින්වහන්සේගේ කරඬුව පිවිසි ස්ථානය ශුද්ධ බැවින්, මගේ බිරිඳ ඉශ්‍රායෙල් රජු වූ දාවිත්ගේ මන්දිරය තුළ වාසය නො කළ යුතු යැ” යි ඔහු පැවසී ය. ඉන්පසු සාලමොන් පිවිසුම් ශාලාව ඉදිරිපිට තමා සාදා තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිට ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කළේ ය. ඒ ඒ දවසේ නියමයට අනුව මෝසෙස් ආඥා කර තිබූ පරිදි සබත් දවස්වල ද නව සඳ දවස්වල ද අවුරුද්දකට තුන් වතාවක් පවත්වන මංගල්‍ය වන නුමුහුන් රොටි මංගල්‍යයේදී, සති මංගල්‍යයේදී හා කූඩාරම් මංගල්‍යයේදී ඔහු යාග පූජා ඔප්පු කළේ ය. ඔහු තම පියා වූ දාවිත්ගේ නියෝගයට අනුව, පූජක මෙහෙය සඳහා පූජක සේවා පන්ති ද ප්‍රශංසාව මෙහෙය වන පිණිසත්, ඒ ඒ දවසේ නියමයට අනුව පූජකයින්ට සහාය වන පිණිසත් ලෙවීවරුන් පත් කළේ ය. ඔහු එක් එක් දොරටු සඳහා දොරටුපාල සේවා පන්ති ද පත් කළේ ය. මන්ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත් එසේ ආඥා කර තිබිණි. කවර කාරණයක් ගැන හෝ භාණ්ඩාගාර ගැන හෝ රජු පූජකයින්ට ද ලෙවීවරුන්ට ද දුන් ආඥාවලින් ඔවුන් ඉවත හැරුණේ නැත. ස්වාමින්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම් ලූ දවසේ පටන් එය නිම වන තෙක් සාලමොන්ගේ වැඩ දිගට ම කෙරිණ. මෙසේ ස්වාමින්වහන්සේගේ ගෘහය සම්පූර්ණ කෙරිණ. ඉන්පසු සාලමොන්, ඒදොම් දේශයේ වෙරළේ එසියොන්-ගෙබෙර්ටත්, ඒලොත්ටත් ගියේ ය. තවද හූරාම්, සයුර පිළිබඳ දැනුමැති මිනිසුන් වන තම නිලධාරීන් විසින් මෙහෙය වූ නැව් සාලමොන් වෙත එවී ය. ඒවා සාලමොන්ගේ මිනිසුන් ද කැටුව ඕෆීර්ට යාත්‍රා කොට, රන් තලෙන්ත හාරසිය පනහක් ගෙනවුත්, සාලමොන් රජු වෙත දෙනු ලැබිණ.
2 1 වංශාවලිය 8:1-18 Sinhala Revised Old Version (SROV)
සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේ ගෘහයද ගොඩනැගීමට ගතකළ විසි අවුරුද්දට පසු, හූරාම් විසින් සාලමොන්ට දුන් නුවරවල් සාලමොන් ගොඩනගා, එහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වාසයකෙරෙවුවේය. සාලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත්කරගත්තේය. ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැගුවේය. එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද; බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය. ඉශ්‍රායෙල්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් විනාශනොකළාවූ හිත්තිවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද ඉතිරිවූ මුළු සෙනඟට පසුව දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේය. නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් තමාගේ වැඩට කිසිවෙකු දාසයෙකු කොට පත් නොකෙළේය. ඔව්හු වනාහි යුද්ධ කාරයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ රථාධිපතියෝව ඔහුගේ අසරුවෝව සිටියෝය. සෙනඟ කෙරෙහි ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනිවරුන් දෙසිය පනස්දෙනෙකුත් සාලමොන් රජුට සිටියෝය. සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය. එකල සාලමොන් ද්වාරමණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනගා තිබුණ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකෙළේය. සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය. තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය. කොයි කාරණයක් ගැනවත් අගනා වස්තු ගැනවත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නොවූහ. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය. එකල සාලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශීයොන්-ගෙබෙර්ටත් ඒලොත්ටත් ගියේය. හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.
2 1 වංශාවලිය 8:1-18 Sinhala New Revised Version (NRSV)
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තමාගේ රජ මැදුර ද ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු, හූරාම් විසින් සලමොන්ට දෙන ලද නගර ඔහු ගොඩනඟා ඒවායේ ඉශ්රායෙල්වරුන් වාසය කරවී ය. සලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත් කර ගත්තේ ය. ඔහු පාළුකරයෙහි තද්මොර් ද හමාත්හි ගොඩනැඟුවා වූ ගබඩා-නගර සියල්ල ද ඉදි කෙළේ ය. එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද බාලාත් නගරය ද සලමොන්ට තිබුණ සියලු ගබඩා-නගර ද තමාගේ රථවලට සියලු නගර ද තමාගේ අසරුවන්ට නගර ද තමාගේ සතුට පිණිස ඉදි කරන්න කැමැති වූ සියල්ල ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අයත් මුළු දේශයෙහිත් ගොඩනැඟුවේ ය. ඉශ්රායෙල්වරුන්ගෙන් නොවූ, ඉශ්රායෙල්වරුන් විනාශ නොකළ හිත්තීවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද, හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය. එහෙත්, සලමොන් ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු තමාගේ වැඩට දාසයෙකු කොට පත් නොකෙළේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව ඔහුගේ අධිපතියන් ව, ඔහුගේ රථාධිපතියන් ව, ඔහුගේ අසරුවන් ව සිටියෝ ය. සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පණස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය. සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය. එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය. සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය. තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි. කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ දවස දක්වාත්, එය නිම වන තුරුත් සලමොන්ගේ සියලු වැඩ සූදානම් ව තිබුණේ ය. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සම්පූර්ණ විය. එකල සලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශියොන්-ගෙබෙර් සහ ඒලෝත් යන නගරවලට ගියේ ය. හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.
2 1 වංශාවලිය 8:1-18 Sinhala New Revised Version 2018 (SNRV)
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තමාගේ රජ මැදුර ද ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු, හූරාම් විසින් සලමොන්ට දෙන ලද නගර ඔහු ගොඩනඟා ඒවායේ ඉශ්රායෙල්වරුන් වාසය කරවී ය. සලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත් කර ගත්තේ ය. ඔහු පාළුකරයෙහි තද්මොර් ද හමාත්හි ගොඩනැඟුවා වූ ගබඩා-නගර සියල්ල ද ඉදි කෙළේ ය. එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද බාලාත් නගරය ද සලමොන්ට තිබුණ සියලු ගබඩා-නගර ද තමාගේ රථවලට සියලු නගර ද තමාගේ අසරුවන්ට නගර ද තමාගේ සතුට පිණිස ඉදි කරන්න කැමැති වූ සියල්ල ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අයත් මුළු දේශයෙහිත් ගොඩනැඟුවේ ය. ඉශ්රායෙල්වරුන්ගෙන් නොවූ, ඉශ්රායෙල්වරුන් විනාශ නොකළ හිත්තීවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද, හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය. එහෙත්, සලමොන් ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු තමාගේ වැඩට දාසයෙකු කොට පත් නොකෙළේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව ඔහුගේ අධිපතියන් ව, ඔහුගේ රථාධිපතියන් ව, ඔහුගේ අසරුවන් ව සිටියෝ ය. සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පනස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය. සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය. එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය. සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති පූප මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය. තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි. කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ දවස දක්වාත්, එය නිම වන තුරුත් සලමොන්ගේ සියලු වැඩ සූදානම් ව තිබුණේ ය. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සම්පූර්ණ විය. එකල සලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශියොන්-ගෙබෙර් සහ ඒලෝත් යන නගරවලට ගියේ ය. හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.
2 1 වංශාවලිය 8:1-18 New International Version (NIV)
At the end of twenty years, during which Solomon built the temple of the LORD and his own palace, Solomon rebuilt the villages that Hiram had given him, and settled Israelites in them. Solomon then went to Hamath Zobah and captured it. He also built up Tadmor in the desert and all the store cities he had built in Hamath. He rebuilt Upper Beth Horon and Lower Beth Horon as fortified cities, with walls and with gates and bars, as well as Baalath and all his store cities, and all the cities for his chariots and for his horses—whatever he desired to build in Jerusalem, in Lebanon and throughout all the territory he ruled. There were still people left from the Hittites, Amorites, Perizzites, Hivites and Jebusites (these people were not Israelites). Solomon conscripted the descendants of all these people remaining in the land—whom the Israelites had not destroyed—to serve as slave labor, as it is to this day. But Solomon did not make slaves of the Israelites for his work; they were his fighting men, commanders of his captains, and commanders of his chariots and charioteers. They were also King Solomon’s chief officials—two hundred and fifty officials supervising the men. Solomon brought Pharaoh’s daughter up from the City of David to the palace he had built for her, for he said, “My wife must not live in the palace of David king of Israel, because the places the ark of the LORD has entered are holy.” On the altar of the LORD that he had built in front of the portico, Solomon sacrificed burnt offerings to the LORD, according to the daily requirement for offerings commanded by Moses for the Sabbaths, the New Moons and the three annual festivals—the Festival of Unleavened Bread, the Festival of Weeks and the Festival of Tabernacles. In keeping with the ordinance of his father David, he appointed the divisions of the priests for their duties, and the Levites to lead the praise and to assist the priests according to each day’s requirement. He also appointed the gatekeepers by divisions for the various gates, because this was what David the man of God had ordered. They did not deviate from the king’s commands to the priests or to the Levites in any matter, including that of the treasuries. All Solomon’s work was carried out, from the day the foundation of the temple of the LORD was laid until its completion. So the temple of the LORD was finished. Then Solomon went to Ezion Geber and Elath on the coast of Edom. And Hiram sent him ships commanded by his own men, sailors who knew the sea. These, with Solomon’s men, sailed to Ophir and brought back four hundred and fifty talents of gold, which they delivered to King Solomon.