2 ලේකම් 8

8
සාලමොන් ඉටු කළ දෑ
1 ස්වාමින්වහන්සේගේ ගෘහයත්, තමාගේ ම ගෘහයත් ඉදි කරන්නට සාලමොන් ගත කළ විසි වසර අවසානයේ, 2තමාට හූරාම්#8:2 හූරාම් ඔහු හීරාම් ලෙස ද හඳුන්වනු ලැබේ. දී තිබූ පුරවර සාලමොන් යළි ඉදිකර, ඉශ්‍රායෙල් ජනයා එහි පදිංචි කරවී ය. 3සාලමොන් ඉන්පසු හමාත්-සෝබා වෙත ගොස්, එය අල්ලා ගත්තේ ය. 4ඔහු කාන්තාරයේ තද්මොර් ද ඉදි කළේ ය. ඔහු හමාත්හි තනා තිබූ සියලු ගබඩා පුරවර ද ඉදි කළේ ය. 5ඔහු ඉහළ බෙත්-හෝරෝන් හා පහළ බෙත්-හෝරොන් ද බළකොටු පුරවර වශයෙන් පවුරු ද දොරටු ද අගුල් ද සහිත ව ඉදි කළේ ය. 6තවද බාලාත් ද තම ගබඩා පුරවර සියල්ල ද තම රථ හා අශ්වාරෝහකයනට සියලු නගර ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත් තමා පාලනය කළ මුළු පළාත පුරාත්, තමන් ඉදි කරන්නට රිසි වූ සියල්ල ද ඉදි කළේ ය.
7ඉශ්‍රායෙල්වරුන් නො වූ හිත්තිවරුන්ගෙන්, අමෝරිවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීවරුන්ගෙන් හා යෙබූසිවරුන්ගෙන් ඉතිරි ව සිටි සියලු මිනිසුන්, 8එනම් ඉශ්‍රායෙල්වරුන් විසින් විනාශ නො කර, දේශයෙහි ඉතිරි කරන ලද්දවුන්ගෙන් පැවත එන්නන්, අද දක්වා ඇති පරිදි, සාලමොන් බැළ මෙහෙවර සඳහා යොදවා ගත්තේ ය. 9එහෙත් සාලමොන්, ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවකු තමාගේ වැඩට වහලුන් කොට ගත්තේ නැත; ඔවුහු ඔහුගේ සෙබළුන්, ඔහුගේ නිලධාරීන්, ඔහුගේ රථ හා අසරුවන්ගේ අණ දෙන්නන් වශයෙන් සිටියහ. 10සාලමොන් රජුගේ ප්‍රධාන නිලධාරීන් වූ ඔවුහු ගණනින් දෙසිය පනස් දෙනෙකි. ඔවුහු ජනයාට ඉහළින් අධිකාරිත්වය දැරූහ.
11සාලමොන්, පාරාවෝගේ දියණිය උදෙසා ඔහු තනා තිබූ මන්දිරය වෙත දාවිත් පුරයේ සිට ඇය කැඳවාගෙන ආවේ ය. මන්ද, “ස්වාමින්වහන්සේගේ කරඬුව පිවිසි ස්ථානය ශුද්ධ බැවින්, මගේ බිරිඳ ඉශ්‍රායෙල් රජු වූ දාවිත්ගේ මන්දිරය තුළ වාසය නො කළ යුතු යැ” යි ඔහු පැවසී ය.
12ඉන්පසු සාලමොන් පිවිසුම් ශාලාව ඉදිරිපිට තමා සාදා තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිට ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කළේ ය. 13ඒ ඒ දවසේ නියමයට අනුව මෝසෙස් ආඥා කර තිබූ පරිදි සබත් දවස්වල ද නව සඳ දවස්වල ද අවුරුද්දකට තුන් වතාවක් පවත්වන මංගල්‍ය වන නුමුහුන් රොටි මංගල්‍යයේදී, සති මංගල්‍යයේදී හා කූඩාරම් මංගල්‍යයේදී ඔහු යාග පූජා ඔප්පු කළේ ය. 14ඔහු තම පියා වූ දාවිත්ගේ නියෝගයට අනුව, පූජක මෙහෙය සඳහා පූජක සේවා පන්ති ද ප්‍රශංසාව මෙහෙය වන පිණිසත්, ඒ ඒ දවසේ නියමයට අනුව පූජකයින්ට සහාය වන පිණිසත් ලෙවීවරුන් පත් කළේ ය. ඔහු එක් එක් දොරටු සඳහා දොරටුපාල සේවා පන්ති ද පත් කළේ ය. මන්ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත් එසේ ආඥා කර තිබිණි. 15කවර කාරණයක් ගැන හෝ භාණ්ඩාගාර ගැන හෝ රජු පූජකයින්ට ද ලෙවීවරුන්ට ද දුන් ආඥාවලින් ඔවුන් ඉවත හැරුණේ නැත.
16 ස්වාමින්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම් ලූ දවසේ පටන් එය නිම වන තෙක් සාලමොන්ගේ වැඩ දිගට ම කෙරිණ. මෙසේ ස්වාමින්වහන්සේගේ ගෘහය සම්පූර්ණ කෙරිණ.
17ඉන්පසු සාලමොන්, ඒදොම් දේශයේ වෙරළේ එසියොන්-ගෙබෙර්ටත්, ඒලොත්ටත්#8:17 ඒලොත්ටත් එනම් ඒලත් ගියේ ය. 18තවද හූරාම්, සයුර පිළිබඳ දැනුමැති මිනිසුන් වන තම නිලධාරීන් විසින් මෙහෙය වූ නැව් සාලමොන් වෙත එවී ය. ඒවා සාලමොන්ගේ මිනිසුන් ද කැටුව ඕෆීර්ට යාත්‍රා කොට, රන් තලෙන්ත හාරසිය පනහක්#8:18 මෙට්‍රික් ටොන් 15ක් පමණ. ගෙනවුත්, සාලමොන් රජු වෙත දෙනු ලැබිණ.

දැනට තෝරාගෙන ඇත:

2 ලේකම් 8: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න