2 1 වංශාවලිය 7:11-15
2 1 වංශාවලිය 7:11-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ ගෘහයේත් වැඩ නිම කොට, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, තමන්ගේ ගෘහයේත් කරන්නට අදහස් කළ සියල්ල සාර්ථක ලෙස නිම කළ පසු, ස්වාමින්වහන්සේ රාත්‍රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක: “මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි. “වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ.
2 1 වංශාවලිය 7:11-15 Sinhala Revised Old Version (SROV)
මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිමකෙළේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් තමාගේම ගෘහයෙහිත් කරන්ට සාලමොන්ගේ සිතට ආ සියල්ලත් ඉෂ්ටකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම නුඹේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි. දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ.
2 1 වංශාවලිය 7:11-15 Sinhala New Revised Version (NRSV)
මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ.
2 1 වංශාවලිය 7:11-15 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 7:11-15 New International Version (NIV)
When Solomon had finished the temple of the LORD and the royal palace, and had succeeded in carrying out all he had in mind to do in the temple of the LORD and in his own palace, the LORD appeared to him at night and said: “I have heard your prayer and have chosen this place for myself as a temple for sacrifices. “When I shut up the heavens so that there is no rain, or command locusts to devour the land or send a plague among my people, if my people, who are called by my name, will humble themselves and pray and seek my face and turn from their wicked ways, then I will hear from heaven, and I will forgive their sin and will heal their land. Now my eyes will be open and my ears attentive to the prayers offered in this place.