2 1 වංශාවලිය 6:41-42 - Compare All Versions

2 1 වංශාවලිය 6:41-42 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“දැන් නැගිටිනු මැනවි අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ පරාක්‍රමයේ කරඬුවත් ඔබගේ විවේක ස්ථානය වෙත වඩිත්වා! අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ පූජකයෝ ගැලවීමෙන් හඳවනු ලබත්වා! ඔබගේ යහපත්කම තුළ ඔබගේ විශ්වාසවන්තයෝ ප්‍රීතිමත් වේවා! අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව. ඔබගේ සේවක දාවිත්ට පොරොන්දු වූ නොමියෙන ප්‍රේමය සිහි කළ මැනවි” යි පැවසී ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 6 SCV

2 1 වංශාවලිය 6:41-42 SROV (Sinhala Revised Old Version)

ඉතින්, දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ නැගිට ඔබගේ බලයේ ගිවිසුම් පෙට්ටිය සමඟ ඔබගේ නිවාසයට වැඩිය මැනව. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ පූජකයෝ ගැළවීම පැළඳගෙන සිටිත්වා, ඔබගේ ශුද්ධවන්තයෝද යසසින් ප්‍රීතිවෙත්වා. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ ඉවත නොහැරෙවුව මැනව. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ට දුන් කරුණාවල් සිහිකළමැනවයි කියා යාච්ඤාකෙළේය.

බෙදාගන්න
2 1 වංශාවලිය 6 SROV

2 1 වංශාවලිය 6:41-42 NRSV (Sinhala New Revised Version)

ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා! දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”

බෙදාගන්න
2 1 වංශාවලිය 6 NRSV

2 1 වංශාවලිය 6:41-42 SNRV (Sinhala New Revised Version 2018)

ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා! දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”

බෙදාගන්න
2 1 වංශාවලිය 6 SNRV

2 1 වංශාවලිය 6:41-42 NIV (New International Version)

“Now arise, LORD God, and come to your resting place, you and the ark of your might. May your priests, LORD God, be clothed with salvation, may your faithful people rejoice in your goodness. LORD God, do not reject your anointed one. Remember the great love promised to David your servant.”

බෙදාගන්න
2 1 වංශාවලිය 6 NIV