2 ලේකම් 6:41-42

2 ලේකම් 6:41-42 SCV

“දැන් නැගිටිනු මැනවි අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ පරාක්‍රමයේ කරඬුවත් ඔබගේ විවේක ස්ථානය වෙත වඩිත්වා! අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ පූජකයෝ ගැලවීමෙන් හඳවනු ලබත්වා! ඔබගේ යහපත්කම තුළ ඔබගේ විශ්වාසවන්තයෝ ප්‍රීතිමත් වේවා! අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව. ඔබගේ සේවක දාවිත්ට පොරොන්දු වූ නොමියෙන ප්‍රේමය සිහි කළ මැනවි” යි පැවසී ය.