2 1 වංශාවලිය 6:4-15

2 1 වංශාවලිය 6:4-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ඔහු මෙසේ පැවසී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ මගේ පියා වූ දාවිත්ට තම මුඛයෙන් පොරොන්දු වූ දේ තම හස්තයෙන් ඉටු කළ සේක. මන්ද, උන්වහන්සේ කියා ඇත්තේ, ‘මගේ ජනයා මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙනා දවසේ පටන් මගේ නාමය තබන පිණිස ගෘහයක් ඉදි කරන්නට ඉශ්‍රායෙල් ගෝත්‍රවංශයක කිසි නගරයක් මා තෝරා ගත්තේ නැත. මගේ ජනයා උදෙසා පාලකයකු ලෙස කිසි මනුෂ්‍යයකු ද තෝරා ගත්තේ නැත. එහෙත් දැන් මගේ නාමය තබන පිණිස යෙරුසලම තෝරා ගතිමි. ඉශ්‍රායෙල් මගේ ජනයා පාලනය කරන්නට දාවිත් තෝරා ගතිමි’ යනුවෙනි. “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තැනීමේ අදහසක් මා පිය දාවිත්ගේ හදවතේ තිබිණි. එහෙත් ස්වාමින්වහන්සේ මා පිය දාවිත් අමතමින්, ‘මගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔබේ හදවතේ ඇති අදහස අගෙයි. කෙසේ වෙතත් ඒ ගෘහය ඉදි කරන්නේ ඔබ නො වෙයි, ඔබෙන් ම උපදින ඔබේ පුත්‍රයායි. මගේ නාමය උදෙසා ගෘහයක් ඉදි කරන්නේ ඔහු යැ’ යි පැවසූ සේක. “ස්වාමින්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කළ සේක. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පරිදි මම මගේ පියා වූ දාවිත් වෙනුවට රජ වී, ඉශ්‍රායෙල්හි සිහසුනේ හිඳ සිටිමි. එසේ ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහය ද ඉදි කළෙමි. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා සමඟ කළ උන්වහන්සේගේ ගිවිසුම තබා තිබූ කරඬුව මම එහි ස්ථානගත කළෙමි.” ඉන්පසු සාලමොන් ස්වාමින්වහන්සේගේ පූජාසනය අබියස, මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට සිටගෙන, තම දෑත් විදහා ගත්තේ ය. සාලමොන් ලෝකඩ වේදිකාවක් තනා තිබිණ. රියන් පහක් දිග, රියන් පහක් පළල, රියන් තුනක් උස එය ගෘහ මළුව මධ්‍යයේ තබා තිබිණ. ඊට ගොඩ වූ ඔහු මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට තම දණින් හිඳ, තම දෑත් ස්වර්ගය දෙසට විහිදා, මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ස්වර්ගයේවත්, පොළොවේවත් නැත. තම මුළු හදින් ඔබ ඉදිරියේ හැසිරෙන ඔබගේ සේවකයිනට ඔබගේ නොමියෙන ප්‍රේමයේ ගිවිසුම ඔබ පවත්වන සේක. ඔබේ සේවක, මා පිය දාවිත්ට ඔබ ප්‍රකාශ කළ දෙය ඔබ ඉටු කළ සේක. ඔබගේ මුඛයෙන් පැවසූ දෑ අද දවසේ ඔබගේ හස්තයෙන් ඉටු කළ සේක.

2 1 වංශාවලිය 6:4-15 Sinhala Revised Old Version (SROV)

ඔහු කථාකොට කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා, මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකොට– මා විසින් මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස ගෘහයක් ගොඩනගන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි; මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාව සිටින්ට කිසි මනුෂ්‍යයෙක්ද තෝරා නොගතිමි. නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණේය, එය නුඹේ සිතේ පැවතීම හොඳය. එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹ තුළෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ඒ ගෘහය ගොඩනගන්නේයයි කීසේක. ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනැගුවෙමි. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය. එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය. මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක. ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔබ ඔහුට ඉෂ්ටකරදුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා, අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.

2 1 වංශාවලිය 6:4-15 Sinhala New Revised Version (NRSV)

ඔහු කතා කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි. එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක. “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මාගේ පිය වූ දාවිත්ගේ සිතේ අදහසක් තිබිණි. එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි. එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක. “සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය. එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය. මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.

2 1 වංශාවලිය 6:4-15 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 6:4-15 New International Version (NIV)

Then he said: “Praise be to the LORD, the God of Israel, who with his hands has fulfilled what he promised with his mouth to my father David. For he said, ‘Since the day I brought my people out of Egypt, I have not chosen a city in any tribe of Israel to have a temple built so that my Name might be there, nor have I chosen anyone to be ruler over my people Israel. But now I have chosen Jerusalem for my Name to be there, and I have chosen David to rule my people Israel.’ “My father David had it in his heart to build a temple for the Name of the LORD, the God of Israel. But the LORD said to my father David, ‘You did well to have it in your heart to build a temple for my Name. Nevertheless, you are not the one to build the temple, but your son, your own flesh and blood—he is the one who will build the temple for my Name.’ “The LORD has kept the promise he made. I have succeeded David my father and now I sit on the throne of Israel, just as the LORD promised, and I have built the temple for the Name of the LORD, the God of Israel. There I have placed the ark, in which is the covenant of the LORD that he made with the people of Israel.” Then Solomon stood before the altar of the LORD in front of the whole assembly of Israel and spread out his hands. Now he had made a bronze platform, five cubits long, five cubits wide and three cubits high, and had placed it in the center of the outer court. He stood on the platform and then knelt down before the whole assembly of Israel and spread out his hands toward heaven. He said: “LORD, the God of Israel, there is no God like you in heaven or on earth—you who keep your covenant of love with your servants who continue wholeheartedly in your way. You have kept your promise to your servant David my father; with your mouth you have promised and with your hand you have fulfilled it—as it is today.