ඔහු කථාකොට කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා, මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකොට– මා විසින් මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස ගෘහයක් ගොඩනගන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි; මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාව සිටින්ට කිසි මනුෂ්‍යයෙක්ද තෝරා නොගතිමි. නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණේය, එය නුඹේ සිතේ පැවතීම හොඳය. එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹ තුළෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ඒ ගෘහය ගොඩනගන්නේයයි කීසේක. ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනැගුවෙමි. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය. එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය. මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක. ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔබ ඔහුට ඉෂ්ටකරදුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා, අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
2 1 වංශාවලිය 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 1 වංශාවලිය 6:4-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ