2 1 වංශාවලිය 36:15-20

2 1 වංශාවලිය 36:15-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නොකඩව ම ඔවුන් වෙත තම පණිවුඩකරුවන් යැවූ සේක. මන්ද උන්වහන්සේ තම ජනයාටත්, තම වාසස්ථානයටත් අනුකම්පා කළ සේක. එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවනට සමච්චල් කළේ උන්වහන්සේගේ වචන ගර්හා කරමිනි. උන්වහන්සේගේ දිවැසිවරුනට ගරහමිනි. ස්වාමින්වහන්සේගේ උදහස උන්වහන්සේගේ ජනයාට එරෙහිව ඒ සා දැඩිවන තෙක් හා ඊට පිළියමක් නැති වන තෙක් ම එසේ සිදු විය. එබැවින් උන්වහන්සේ ඔවුනට එරෙහිව කල්දිවරුන්ගේ රජු ගෙනා සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානය තුළ ඔවුන්ගේ තරුණයින් කඩුවෙන් මැරී ය. තරුණයකුට හෝ තරුණියකට හෝ මහලු හෝ බෙලහීන හෝ කිසිවකුට ඔහු අනුකම්පා කළේ නැත. උන්වහන්සේ ඔහුගේ අත්වලට ඒ සියල්ලන් දුන් සේක. දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ ලොකු, කුඩා සියලු භාජන ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ වූ වස්තුව ද රජුගේ හා ඔහුගේ නිලධාරීන්ගේ වස්තුව ද යන මේ සියල්ල ඔහු බබිලෝනියට රැගෙන ගියේ ය. ඔවුහු දෙවියන්වහන්සේගේ ගෘහය ගිනි ලා, යෙරුසලම් පවුර බිඳ හෙළා, එහි සියලු මාලිගා ගින්නෙන් පිලිස්සූහ. එහි වූ හැම අගනා භාණ්ඩයක් ම විනාශ කළහ. කඩුවෙන් බේරී දිවි ගලවාගත්තවුන් ඔහු පිටුවහල් කොට බබිලෝනියට ගෙන ගියේ ය. පර්සියා රාජධානිය පිහිටු වන තෙක් ඔවුහු ඔහුටත්, ඔහුගේ පුත්‍රයින්ටත් සේවකයින් බවට පත් වූහ.

2 1 වංශාවලිය 36:15-20 Sinhala Revised Old Version (SROV)

ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක. ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය. ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය. කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.

2 1 වංශාවලිය 36:15-20 Sinhala New Revised Version (NRSV)

ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක. එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය. ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ. ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.

2 1 වංශාවලිය 36:15-20 Sinhala New Revised Version 2018 (SNRV)