ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නොකඩව ම ඔවුන් වෙත තම පණිවුඩකරුවන් යැවූ සේක. මන්ද උන්වහන්සේ තම ජනයාටත්, තම වාසස්ථානයටත් අනුකම්පා කළ සේක. එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවනට සමච්චල් කළේ උන්වහන්සේගේ වචන ගර්හා කරමිනි. උන්වහන්සේගේ දිවැසිවරුනට ගරහමිනි. ස්වාමින්වහන්සේගේ උදහස උන්වහන්සේගේ ජනයාට එරෙහිව ඒ සා දැඩිවන තෙක් හා ඊට පිළියමක් නැති වන තෙක් ම එසේ සිදු විය. එබැවින් උන්වහන්සේ ඔවුනට එරෙහිව කල්දිවරුන්ගේ රජු ගෙනා සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානය තුළ ඔවුන්ගේ තරුණයින් කඩුවෙන් මැරී ය. තරුණයකුට හෝ තරුණියකට හෝ මහලු හෝ බෙලහීන හෝ කිසිවකුට ඔහු අනුකම්පා කළේ නැත. උන්වහන්සේ ඔහුගේ අත්වලට ඒ සියල්ලන් දුන් සේක. දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ ලොකු, කුඩා සියලු භාජන ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ වූ වස්තුව ද රජුගේ හා ඔහුගේ නිලධාරීන්ගේ වස්තුව ද යන මේ සියල්ල ඔහු බබිලෝනියට රැගෙන ගියේ ය. ඔවුහු දෙවියන්වහන්සේගේ ගෘහය ගිනි ලා, යෙරුසලම් පවුර බිඳ හෙළා, එහි සියලු මාලිගා ගින්නෙන් පිලිස්සූහ. එහි වූ හැම අගනා භාණ්ඩයක් ම විනාශ කළහ. කඩුවෙන් බේරී දිවි ගලවාගත්තවුන් ඔහු පිටුවහල් කොට බබිලෝනියට ගෙන ගියේ ය. පර්සියා රාජධානිය පිහිටු වන තෙක් ඔවුහු ඔහුටත්, ඔහුගේ පුත්‍රයින්ටත් සේවකයින් බවට පත් වූහ.
2 ලේකම් 36 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 36:15-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ