2 1 වංශාවලිය 17:7-9
2 1 වංශාවලිය 17:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම රාජ්‍ය පාලනයේ තුන් වන අවුරුද්දේදී ඔහු තම නිලධාරීන් වන බෙන්-හයිල්, ඔබදියා, සෙකරියා, නෙතනේල් හා මීකායා යූදා නගරවල උගන්වන පිණිස පිටත් කර යැවී ය. ඔහු ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා, නෙතනියා, සෙබදියා, අසාහෙල්, ෂෙමිරාමොත්, යෙහෝනාතාන්, අදොනීයා, ටෝබීයා, ටෝබ්-අදොනියා ද පූජකයින් වන එලිෂාමා හා යෙහෝරාම් ද යැවී ය. ඔවුහු තමන් වෙත වූ ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථා පොත යූදාහි ඉගැන්වූහ; ඔවුහු සියලු යූදා නගර කරා ගොස්, ජනතාව අතරේ ඉගැන්වූහ.
2 1 වංශාවලිය 17:7-9 Sinhala Revised Old Version (SROV)
තවද ඔහු තමාගේ රජකමේ තුන්වෙනි අවුරුද්දේදී යූදා නුවරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්-හයිල්ද ඔබදියාද ශෙකරියාද නෙතනේල්ද මීකායාද, ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායාද නෙතනියාද ශෙබදියාද අසාහෙල්ද ෂෙමීරාමොත්ද යෙහෝනාතාන්ද අදෝනියාද ටෝබියාද ටෝබ්-අදෝනියාද ඔවුන් සමඟ පූජකයන්වූ එලීෂාමාද යෙහෝරාම්ද යැවුවේය. ඔව්හුද යූදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යූදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.
2 1 වංශාවලිය 17:7-9 Sinhala New Revised Version (NRSV)
තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය. ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.
2 1 වංශාවලිය 17:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය. ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.
2 1 වංශාවලිය 17:7-9 New International Version (NIV)
In the third year of his reign he sent his officials Ben-Hail, Obadiah, Zechariah, Nethanel and Micaiah to teach in the towns of Judah. With them were certain Levites—Shemaiah, Nethaniah, Zebadiah, Asahel, Shemiramoth, Jehonathan, Adonijah, Tobijah and Tob-Adonijah—and the priests Elishama and Jehoram. They taught throughout Judah, taking with them the Book of the Law of the LORD; they went around to all the towns of Judah and taught the people.