2 1 වංශාවලිය 13:1-22

2 1 වංශාවලිය 13:1-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙරොබොවම් රජුගේ දහඅට වන අවුරුද්දේ අබියා, යූදාහි රජකම් කරන්නට පටන් ගත්තේ ය. ඔහු යෙරුසලමෙහි තුන් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඇය ගිබෙයාහි ඌරියෙල්ගේ දියණියයි. මෙකල අබියා හා යෙරොබොවම් අතර යුද්ධ පැවතිණි. අබියා සංග්‍රාමයට රණශූර, තෝරාගත් මිනිසුන් හාර ලක්ෂයක හමුදාවක් ගෙන, සටනට ගියේ ය. යෙරොබොවම් ඔහුට එරෙහිව රණශූර සෙබළුන් අ‍ට ලක්ෂයක් යුද්ධයට පෙළ ගැස්වී ය. අබියා, එප්‍රායිම් කඳු රටේ සෙමාරයිම් කන්ද පිට සිටගෙන මෙසේ පැවසී ය. “එම්බා යෙරොබොවම්, සියලු ඉශ්‍රායෙල්වරුනි, මට සවන් දෙනු. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් රජකම දාවිත්ටත්, ඔහුගෙන් පුත්‍රයින්ටත් ලුණු-ගිවිසුමකින් සදහට ම පවරා දුන් වග නුඹලා දන්නේ නැද්ද? එහෙත් දාවිත්ගේ පුත් සාලමොන්ගේ සේවකයකු වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම් තම හාම්පුතාට එරෙහිව නැගිට, කැරලි ගැසුවා. කමකට නැති දුර්ජනයින් කීප දෙනෙක් ඔහුට එකතු වී, සාලමොන්ගේ පුත් රෙහොබොවම්ට එරෙහි වුණා. එකල ලාමක සිතැති බාලයකු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට ඔහුට නො හැකි වුණා. “නුඹලා දැන් සිතන්නේ දාවිත්ගේ පුත්‍රයින් අතේ ඇති ස්වාමින්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්නට නුඹලාට හැකි ය කියායි. මොකද නුඹලා මහත් සමූහයක්. තවත් නුඹලාට දෙවිවරුන් වන්නට යෙරොබොවම් හදා දුන් රන් වසුන් නුඹලාට සිටින නිසා. නුඹලා ආරොන්ගේ පුතුන් වන ස්වාමින්වහන්සේගේ පූජකයින් හා ලෙවීවරුන් පන්නා දමා, වෙනත් රටවල ජනයා වගේ නුඹලාට පූජකයින් තනා ගත්තේ නැද්ද? තමා ම කැප කර ගන්නට ගොන් නාම්බෙකුත්, බැටළුවන් හත් දෙනකුත් ගෙනෙන ඕනෑ ම කෙනෙක් දෙවිවරුන් නො වන දෙවිවරුන්ට පූජකයකු වෙයි. “එහෙත් අපට නම්, අපගේ දෙවියන්වහන්සේ, ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ අත්හැර නැහැ. අපට සිටින්නේ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ආරොන්ගේ පුත්‍රයින් වන පූජකයින්. ඔවුන්ට සහාය වීමට ලෙවීවරුන් සිටිනවා. ඔවුන් හැම උදය ම, හැම සවස ම ස්වාමින්වහන්සේට දවන යාග පූජා හා සුගන්ධ ධූම ඔප්පු කරනවා. පවිත්‍ර මේසය මත පිළිවෙලින් රොටි තබන ඔවුන් හැම සවස ම රන් පහන් රුකේ පහන් දල්වනවා. අප, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නියෝග පිළිපදිනවා. එහෙත් නුඹලා උන්වහන්සේ අත්හැර දමලා. දැන් මෙන්න! දෙවියන්වහන්සේ අප සමඟයි; උන්වහන්සේ අපේ පෙරමුණේ. නුඹලාට එරෙහිව සටනට කැඳවන්නට උන්වහන්සේගේ පූජකයින් පිඹින්නට යුධ හොරණෑ අතැතිව සිටිනවා. අහෝ ඉශ්‍රායෙල් පුත්‍රයිනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව සටනට යන්නට එපා. නුඹලාට ජය ගන්නට බැහැ.” යෙරොබොවම් ඔවුන්ට පිටුපසින් කඩා වදින්නට රහසේ රැක සිටින සේනාංකයක් යැවී ය. මෙසේ ඔහුගේ සෙබළු යූදාට ඉදිරියෙන් වූ අතර රැක සිටින සේනාංකය ඔවුනට පිටුපසින් විය. යූදා බැලූ කල මෙන්න! සටන ඔවුන්ට ඉදිරියෙන් ද පිටුපසින් ද විය. එවිට ඔවුහු ස්වාමින්වහන්සේට මොර ගැසූහ; පූජකයෝ තම හොරණෑ හැඬවූහ. යූදා ජනතාව යුද ඝෝෂා නැංවූහ. ඔවුන්ගේ ඝෝෂා නාදයේදී දෙවියන්වහන්සේ, යෙරොබොවම් සහ ඔහු සමඟ වූ සියලු ඉශ්‍රායෙල්වරුන් අබියා හා යූදා ජනයා හමුවේ පැරදෙවු සේක. ඉශ්‍රායෙල් මිනිස්සු යූදා ඉදිරිපිටින් පලා ගියහ. දෙවියන්වහන්සේ යූදා ජනයා අතට ඔවුන් හසුකර දුන් සේක. අබියාත්, ඔහුගේ ජනතාවත් බරපතළ ප්‍රහාරයක් එල්ල කළෙන්, තෝරාගත් ඉශ්‍රායෙල් මිනිසුන් පන් ලක්ෂයක් ඝාතනයෙන් වැටී ගියහ. එම අවස්ථාවේ ඉශ්‍රායෙල් ජනයා යටත් කරන ලදහ. එසේ යූදා ජනයා ජය ලදහ. මන්ද ඔවුන් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මත විශ්වාසය තැබූ බැවිනි. අබියා, යෙරොබොවම් පසු පස හඹා ගොස්, බෙතෙල් හා එහි ගම්මාන ද යෙෂානා හා එහි ගම්මාන ද එෆ්‍රොන් හා එහි ගම්මාන ද යන පුරවර අල්ලා ගත්තේ ය. අබියාගේ දවස්වලදී යෙරොබොවම් යළි යථා තත්වයට පත් වූයේ නැත. ස්වාමින්වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය. එහෙත් අබියා බලවත් විය. ඔහු භාර්යාවන් දාහතර දෙනකු විවාහ කර ගත්තේ ය. ඔහුට පුතුන් විසි දෙදෙනෙක් ද දූවරුන් දහසය දෙනෙක් ද වූහ. අබියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහු පැවසූ දෑ ද දිවැසිවර ඉද්දෝගේ කතාවේ ලියැවී තිබේ.

2 1 වංශාවලිය 13:1-22 Sinhala Revised Old Version (SROV)

යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියා යූදා කෙරෙහි රජවී තුන් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මීකායාය, ඈ ගිබියාහි උරියෙල්ගේ දුවෙක්ය. අබියාද යෙරොබොවම්ද අතරේ යුද්ධ තිබුණේය. එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය. එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමරායිම් කන්ද උඩ සිට කියනුයේ: යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුනි, මාගේ බස් අසන්න; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කිරීම දාවිත්ටද ඔහුගේ පුත්‍රයන්ටද ලුණු ගිවිසුමකින් සදාකාලේටම දුන් බව නුඹලා දැනගතයුතු නොවේද? එහෙත් දාවිත්ගේ පුත්‍රයා වන සාලමොන්ගේ සේවකවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් නැගිට තමාගේ ස්වාමියාට විරුද්ධව කැරළි ගැසුවේය. කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය. දැන් නුඹලා දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව සිටින්ට කල්පනාකරන්නහුය; නුඹලා මහත් සමූහයක්ය, දෙවිවරුන් කොට යෙරොබොවම් නුඹලාට සාදාදුන් රන් වස්සොත් නුඹලා සමඟ වෙති. නුඹලා ආරොන්ගේ පුත්‍රයන් වන ස්වාමීන්වහන්සේගේ පූජකයන්ද ලෙවීවරුන්ද එළවාදමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියමකරගත්තා නොවේද? මෙසේ කැපවෙන පිණිස නාඹු ගොනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නුමුත් දෙවි නොවන්නන්ට පූජකයෙක් වන්නේය. නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේ ය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති. ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් නුඹලා උන්වහන්සේ අත්හැරියහුය. මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, නුඹලාට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද නුඹලා සඵල නොවන්නහුයයි කීවේය. නුමුත් ඔවුන්ට පිටිපසින් එන පිණිස යෙරොබොවම් රහසින් සේනාවක් වටේට යැවීය. මෙසේ ඔව්හු යූදාවරුන්ට ඉස්සරහපිටින්ද රහස් සේනාව ඔවුන්ට පිටිපස්සෙන්ද සිටියෝය. යූදාවරු හැරී බැලූවිට තමුන්ට විරුද්ධව ඉස්සරහින්ද පස්සෙන්ද යුද්ධය තිබෙන බව දැක ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය, පූජකයෝ හොරණෑ පිම්බෝය. එවිට යූදා මනුෂ්‍යයන් ඔල්වර හඬ ගැසූකල දෙවියන්වහන්සේ යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් අබියාටත් යූදාවරුන්ටත් පැරදෙවුසේක. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ යූදාවරුන් ඉදිරියෙන් පලාගියෝය. දෙවියන්වහන්සේ ඔවුන් යූදා අතට පාවාදුන්සේක. අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය. මෙසේ ඒ කාලයේදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ යටත්කරනලද්දෝය, යූදාවරු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ. අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රෝන් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය. තවද යෙරොබොවම් අබියාගේ කාලයේදී නැවත බලවත් නොවීය. ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක, ඔහු මළේය. නුමුත් අබියා බලවත්විය, හෙතෙම භාර්යාවන් දහහතර දෙනෙකු පාවාගත්තේය, පුත්‍රයන් විසි දෙදෙනෙක්ද දූවරුන් දහසය දෙනෙක්ද ඔහුට දාව උපන්නෝය. අබියාගේ අනික් ක්‍රියාද ඔහුගේ මාර්ගද කියමන්ද ප්‍රොපේතවූ ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.

2 1 වංශාවලිය 13:1-22 Sinhala New Revised Version (NRSV)

ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියා ජුදා දේශයෙහි රජ වී තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි. එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය. එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමාරයිම් කන්ද උඩ සිට මෙසේ කී ය: “ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුනි, මාගේ බස් අසන්න. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද? එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය. දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත. ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය. “එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති. ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ රොටි රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය. මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.” අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය. ජුදාවරු හැරී බැලූ විට තමන්ට විරුද්ධ ව ඉස්සරහින් ද පිටුපසින් ද යුද්ධය ඇති බව දැක සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. පූජකයෝ හොරණෑ පිම්බෝ ය. එවිට ජුදා මනුෂ්‍යයන් ඔල්වර හඬ නැඟුව කල, දෙවියන් වහන්සේ ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුන් අබියාත්, ජුදාත් ඉදිරියේ පරදවා හැරිය සේක. එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක. අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය. මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ. අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය. මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය. එහෙත්, අබියා බලවත් විය; හෙතෙම භාර්යාවන් දහහතරදෙනෙකු පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිදෙදෙනෙක් ද දූවරු දහසයදෙනෙක් ද ඔහුට දාව උපන්නෝ ය. අබියාගේ සෙසු ක්‍රියා ද ඔහුගේ ප්‍රතිපත්ති ද කියමන් ද දිවැසිවර ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.

2 1 වංශාවලිය 13:1-22 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියා ජුදා දේශයෙහි රජ වී තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි. එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය. එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමාරයිම් කන්ද උඩ සිට මෙසේ කී ය: “ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුනි, මාගේ බස් අසන්න. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද? එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය. දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත. ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය. “එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති. ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ පූප රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය. මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.” අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය. ජුදාවරු හැරී බැලූ විට තමන්ට විරුද්ධ ව ඉස්සරහින් ද පිටුපසින් ද යුද්ධය ඇති බව දැක සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. පූජකයෝ හොරණෑ පිම්බෝ ය. එවිට ජුදා මනුෂ්‍යයන් ඔල්වර හඬ නැඟුව කල, දෙවියන් වහන්සේ ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුන් අබියාත්, ජුදාත් ඉදිරියේ පරදවා හැරිය සේක. එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක. අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය. මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ. අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය. මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය. එහෙත්, අබියා බලවත් විය; හෙතෙම භාර්යාවන් දහහතරදෙනෙකු පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිදෙදෙනෙක් ද දූවරු දහසයදෙනෙක් ද ඔහුට දාව උපන්නෝ ය. අබියාගේ සෙසු ක්‍රියා ද ඔහුගේ ප්‍රතිපත්ති ද කියමන් ද දිවැසිවර ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.

2 1 වංශාවලිය 13:1-22 New International Version (NIV)

In the eighteenth year of the reign of Jeroboam, Abijah became king of Judah, and he reigned in Jerusalem three years. His mother’s name was Maakah, a daughter of Uriel of Gibeah. There was war between Abijah and Jeroboam. Abijah went into battle with an army of four hundred thousand able fighting men, and Jeroboam drew up a battle line against him with eight hundred thousand able troops. Abijah stood on Mount Zemaraim, in the hill country of Ephraim, and said, “Jeroboam and all Israel, listen to me! Don’t you know that the LORD, the God of Israel, has given the kingship of Israel to David and his descendants forever by a covenant of salt? Yet Jeroboam son of Nebat, an official of Solomon son of David, rebelled against his master. Some worthless scoundrels gathered around him and opposed Rehoboam son of Solomon when he was young and indecisive and not strong enough to resist them. “And now you plan to resist the kingdom of the LORD, which is in the hands of David’s descendants. You are indeed a vast army and have with you the golden calves that Jeroboam made to be your gods. But didn’t you drive out the priests of the LORD, the sons of Aaron, and the Levites, and make priests of your own as the peoples of other lands do? Whoever comes to consecrate himself with a young bull and seven rams may become a priest of what are not gods. “As for us, the LORD is our God, and we have not forsaken him. The priests who serve the LORD are sons of Aaron, and the Levites assist them. Every morning and evening they present burnt offerings and fragrant incense to the LORD. They set out the bread on the ceremonially clean table and light the lamps on the gold lampstand every evening. We are observing the requirements of the LORD our God. But you have forsaken him. God is with us; he is our leader. His priests with their trumpets will sound the battle cry against you. People of Israel, do not fight against the LORD, the God of your ancestors, for you will not succeed.” Now Jeroboam had sent troops around to the rear, so that while he was in front of Judah the ambush was behind them. Judah turned and saw that they were being attacked at both front and rear. Then they cried out to the LORD. The priests blew their trumpets and the men of Judah raised the battle cry. At the sound of their battle cry, God routed Jeroboam and all Israel before Abijah and Judah. The Israelites fled before Judah, and God delivered them into their hands. Abijah and his troops inflicted heavy losses on them, so that there were five hundred thousand casualties among Israel’s able men. The Israelites were subdued on that occasion, and the people of Judah were victorious because they relied on the LORD, the God of their ancestors. Abijah pursued Jeroboam and took from him the towns of Bethel, Jeshanah and Ephron, with their surrounding villages. Jeroboam did not regain power during the time of Abijah. And the LORD struck him down and he died. But Abijah grew in strength. He married fourteen wives and had twenty-two sons and sixteen daughters. The other events of Abijah’s reign, what he did and what he said, are written in the annotations of the prophet Iddo.