2 1 වංශාවලිය 12:1-16

2 1 වංශාවලිය 12:1-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් රෙහොබොවම්ගේ රාජ්‍යය ස්ථාවර වී, බලවත් වූ කල, ඔහු ද ඔහු සමඟ වූ සියලු ඉශ්‍රායෙල්වරු ද ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව නො තකා හැරියහ. ඔවුන් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ ඊජිප්තුවේ රජු වූ ෂීෂක් යෙරුසලමට විරුද්ධ ව ආවේ ය. යුද්ධ රථ එක්දහස් දෙසීයක් ද අසරුවන් හැට දහසක් ද ඊජිප්තුවේ සිට ඔහු සමඟ ලිබියානු, සුක්කීය හා කූෂීය පාබළ සෙබළුන් ගැණිය නො හැකි ගණනක් ද ආහ. යූදාහි බළකොටු පුරවර අල්ලා ගත් ඔහු යෙරුසලම දක්වා ම ආවේ ය. ෂීෂක් නිසා යෙරුසලමේ රැස් වී සිටි රෙහොබොවම් ද යූදා අධිපතීන් ද වෙත ආ දිවැසිවර ෂෙමායා ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. ‘නුඹලා මා අත්හැර දැමූ බැවින්, මමත් ෂීෂක් අතට නුඹලා අත්හැර දමන්නෙමි’ යි” කී ය. එවිට ඉශ්‍රායෙල් අධිපතීහු හා රජු තමන් ම යටහත් වී, “ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ යැ” යි කීහ. ඔවුන් තමන් ම යටහත් වූ වග ස්වාමින්වහන්සේ දුටු කල, ස්වාමින්වහන්සේගේ වචනය ෂෙමායා වෙත පැමිණියේ ය: “ඔවුන් යටහත් වූ බැවින්, මම ඔවුන් විනාශ නො කරන්නෙමි. ඉක්මනින් මම ඔවුන්ට යම් මිදීමක් සලසා දෙන්නෙමි. මගේ උදහස ෂීෂක් මගින් යෙරුසලම පිට වගුරුවනු නො ලබන්නේ ය. කෙසේ වෙතත් ඔවුන් ඔහුට සේවකයින් වනු ඇත. ඒ, මට සේවය කිරීමත්, අන් දේශවල රජුන්ට සේවය කිරීමත් අතර ඇති වෙනස ඔවුන් දැනගනු පිණිස ය.” ඊජිප්තු රජු වූ ෂීෂක්, යෙරුසලමට එරෙහිව අවුත්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ අනර්ඝ වස්තු හා රජ මැදුරේ අනර්ඝ වස්තු රැගෙන ගියේ ය. සාලමොන් සාදා තිබූ රන් පලිහ සියල්ල ඇතුළු හැම දෙයක් ම ඔහු ගෙන ගියේ ය. එබැවින් රෙහොබොවම් රජු ඒවා වෙනුවට ලෝකඩ පලිහ සාදා, රජ මැදුරු පිවිසුම ආරක්ෂකයින්ගේ සෙන්පතීන් භාරයේ ඒවා තැබී ය. රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විට, ආරක්ෂකයෝ පලිහ ඔසවාගෙන ගොස්, නැවත ඒවා ආරක්ෂක කුටිය වෙත යළි ගෙන ආහ. රෙහොබොවම් යටහත් වූ නිසා ස්වාමින්වහන්සේගේ කෝපය ඔහු වෙතින් පහ විය. ඔහු මුළුමනින් විනාශයට පත් වූයේ නැත. තවද, යූදාහි යම් යහපත්කම් තිබිණ. රෙහොබොවම් රජු, යෙරුසලමෙහි රජු වශයෙන් ස්ථාවර විය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. ඔහු ස්වාමින්වහන්සේ සොයන්නට තම හදවත යොමු නො කළ බැවින් දුෂ්ටකම් කළේ ය. රෙහොබොවම් සම්බන්ධ සෙසු කාරණා මුල පටන් අවසානය දක්වා සිදු වූ දෑ දිවැසිවර ෂෙමායාගේ ද අනාගතවක්තෘ ඉද්දෝගේ ද පෙළපත් නාමාවලි වාර්තාවල සඳහන් වී තිබෙනවා නො වේ ද? රෙහොබොවම් හා යෙරොබොවම් අතරේ දිගට ම යුද්ධ පැවතිණි. රෙහොබොවම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, දාවිත් පුරයේ ඔහු භූමදාන කෙරිණි. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජකමට පත් විය.

2 1 වංශාවලිය 12:1-16 Sinhala Revised Old Version (SROV)

තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය. ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්, දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය. ඔහු යූදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය. එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යූදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා මා අත්හැරියහුය, එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය. එවිට ඉශ්‍රායෙල්හි අධිපතීහුද රජද යටත්වී: ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේකැයි කීවේය. ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය. එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක. මෙසේ මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි තිබුණු වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම ගෙනගියේය. සාලමොන් සෑදූ රන් පලිස්ද ඔහු ගෙනගියේය. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල්කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය. රජු ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා ඔසවාගෙන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය. තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යූදාහිද යහපත් දේ සම්බවුණේය. මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය. මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ අබියා ඔහු වෙනුවට රජවුණේය.

2 1 වංශාවලිය 12:1-16 Sinhala New Revised Version (NRSV)

තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝ‍්හිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය. ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ. ඔහු ජුදා දේශයෙහි බලකොටු නගර අල්ලා, පසු ව ජෙරුසලම දක්වා ආයේ ය. එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, “ ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. එවිට ඉශ්රායෙල්හි අධිපතීහු ද රජු ද යටත් වී, “සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය”යි කීවෝ ය. ඔවුන් යටත් වූ බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ෂෙමායාට කතා කොට, “ඔව්හු යටත් වූවෝ ය. මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි. මාගේ උදහස ද ෂීෂක් අතින් ජෙරුසලම පිට වගුරුවනු නොලබන්නේ ය. එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක. මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය. රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ ගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට බාර දුන්නේ ය. රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය. මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවීමට තම සිත යොමු නොකර නපුරුකම් කෙළේ ය. මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය. රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.

2 1 වංශාවලිය 12:1-16 Sinhala New Revised Version 2018 (SNRV)

තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය. ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ. ඔහු ජුදා දේශයෙහි බලකොටු නගර අල්ලා, පසු ව ජෙරුසලම දක්වා ආයේ ය. එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, “ ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. එවිට ඉශ්රායෙල්හි අධිපතීහු ද රජු ද යටත් වී, “සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය”යි කීවෝ ය. ඔවුන් යටත් වූ බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ෂෙමායාට කතා කොට, “ඔව්හු යටත් වූවෝ ය. මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි. මාගේ උදහස ද ෂීෂක් අතින් ජෙරුසලම පිට වගුරුවනු නොලබන්නේ ය. එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක. මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය. රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ ගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට බාර දුන්නේ ය. රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය. තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය. මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවීමට තම සිත යොමු නොකර නපුරුකම් කෙළේ ය. මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය. රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.

2 1 වංශාවලිය 12:1-16 New International Version (NIV)

After Rehoboam’s position as king was established and he had become strong, he and all Israel with him abandoned the law of the LORD. Because they had been unfaithful to the LORD, Shishak king of Egypt attacked Jerusalem in the fifth year of King Rehoboam. With twelve hundred chariots and sixty thousand horsemen and the innumerable troops of Libyans, Sukkites and Cushites that came with him from Egypt, he captured the fortified cities of Judah and came as far as Jerusalem. Then the prophet Shemaiah came to Rehoboam and to the leaders of Judah who had assembled in Jerusalem for fear of Shishak, and he said to them, “This is what the LORD says, ‘You have abandoned me; therefore, I now abandon you to Shishak.’ ” The leaders of Israel and the king humbled themselves and said, “The LORD is just.” When the LORD saw that they humbled themselves, this word of the LORD came to Shemaiah: “Since they have humbled themselves, I will not destroy them but will soon give them deliverance. My wrath will not be poured out on Jerusalem through Shishak. They will, however, become subject to him, so that they may learn the difference between serving me and serving the kings of other lands.” When Shishak king of Egypt attacked Jerusalem, he carried off the treasures of the temple of the LORD and the treasures of the royal palace. He took everything, including the gold shields Solomon had made. So King Rehoboam made bronze shields to replace them and assigned these to the commanders of the guard on duty at the entrance to the royal palace. Whenever the king went to the LORD’s temple, the guards went with him, bearing the shields, and afterward they returned them to the guardroom. Because Rehoboam humbled himself, the LORD’s anger turned from him, and he was not totally destroyed. Indeed, there was some good in Judah. King Rehoboam established himself firmly in Jerusalem and continued as king. He was forty-one years old when he became king, and he reigned seventeen years in Jerusalem, the city the LORD had chosen out of all the tribes of Israel in which to put his Name. His mother’s name was Naamah; she was an Ammonite. He did evil because he had not set his heart on seeking the LORD. As for the events of Rehoboam’s reign, from beginning to end, are they not written in the records of Shemaiah the prophet and of Iddo the seer that deal with genealogies? There was continual warfare between Rehoboam and Jeroboam. Rehoboam rested with his ancestors and was buried in the City of David. And Abijah his son succeeded him as king.