2 1 වංශාවලිය 1:6-12

2 1 වංශාවලිය 1:6-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හමුවීමේ කූඩාරමෙහි ස්වාමින්වහන්සේ අබියස තිබූ ලෝකඩ පූජාසනය වෙත ගිය සාලමොන්, ඒ පිට දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ඒ රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක්, ඔහුගෙන් පසු, රජකමට මා පත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය. දෙවියන්වහන්සේ, සාලමොන් අමතමින්, “ඔබේ හදේ තිබුණේ මෙය බැවින්, ඔබ වස්තුව, ධනය, ගෞරවය හෝ ඔබට වෛරකරන්නන්ගේ ජීවිතයවත්, අඩු වශයෙන් දීර්ඝායුවත් නො ඉල්ලා, මගේ ජනයාට රජකම් කිරීමට මා විසින් පත් කළ ඔබට, ඔවුන් ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවත්, දැනගැන්මත් ඉල්ලූ බැවින්, ප්‍රඥාවත්, දැනගැන්මත් ඔබට දෙනු ලැබේ. තවද, ඔබට කලින් සිටි කිසි රජකුට නො තිබුණ, ඔබෙන් පසුව කිසි රජකුට නො ලැබෙන අන්දමේ ධනය, වස්තුව හා ගෞරවයත් මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.

2 1 වංශාවලිය 1:6-12 Sinhala Revised Old Version (SROV)

එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය. එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක. සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක. දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය. දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා, ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක.

2 1 වංශාවලිය 1:6-12 Sinhala New Revised Version (NRSV)

එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය. එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක. සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක. දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය. දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා, ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.

2 1 වංශාවලිය 1:6-12 Sinhala New Revised Version 2018 (SNRV)