1 තෙසලෝනික 5:9-11
1 තෙසලෝනික 5:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය. අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න.
1 තෙසලෝනික 5:9-11 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබාගැනීමට අප නියමකළසේක. අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක. එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.
1 තෙසලෝනික 5:9-11 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය. අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
1 තෙසලෝනික 5:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය. අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
1 තෙසලෝනික 5:9-11 New International Version (NIV)
For God did not appoint us to suffer wrath but to receive salvation through our Lord Jesus Christ. He died for us so that, whether we are awake or asleep, we may live together with him. Therefore encourage one another and build each other up, just as in fact you are doing.