1 තෙසලෝනික 5:4-6
1 තෙසලෝනික 5:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ. ඔබ හැම දෙනා ආලෝකයේ පුත්රයෝ ය; දහවලේ පුත්රයෝ ය. රාත්රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත. එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වග බලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු.
1 තෙසලෝනික 5:4-6 Sinhala Revised Old Version (SROV)
නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති. කුමක්හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්රයෝය. අපි රාත්රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව; එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.
1 තෙසලෝනික 5:4-6 Sinhala New Revised Version (NRSV)
එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු. ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.
1 තෙසලෝනික 5:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු. ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.
1 තෙසලෝනික 5:4-6 New International Version (NIV)
But you, brothers and sisters, are not in darkness so that this day should surprise you like a thief. You are all children of the light and children of the day. We do not belong to the night or to the darkness. So then, let us not be like others, who are asleep, but let us be awake and sober.