1 සාමුවෙල් 8:1-9

1 සාමුවෙල් 8:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාමුවෙල් මහලු වූ කල, ඔහු තම පුතුන් ඉශ්‍රායෙල්හි විනිසුරුවන් කොට පත් කළේ ය. ඔහුගේ කුලුඳුල් පුතුගේ නම යෝවෙල් ය. දෙවැන්නාගේ නම අබියා ය. ඔවුහු බෙයර්ෂෙබාහි විනිසුරුවන් ලෙස කටයුතු කළහ. එහෙත් ඔහුගේ පුතුන්, ඔහුගේ මාර්ගවල හැසිරුණේ නැත. අයුතු වාසිය වෙත හැරී ගිය ඔවුහු අල්ලස් ගෙන, යුක්තිය පෙරළූහ. එබැවින් ඉශ්‍රායෙල් සියලු වැඩිමහල්ලෝ එකට එක් රැස් ව, සාමුවෙල් වෙත රාමාට ආහ. ඔවුහු ඔහු අමතමින්, “බලන්න, ඔබ දැන් මහලුයි. ඔබේ පුතුන් ඔබේ මාර්ගවල ගමන් කරන්නේ නෑ. එනිසා අනෙක් හැම ජාතියකට වගේ ම අප විනිශ්චය කරන්නට අපටත් රජකු පත් කර දෙන්නැ” යි ඉල්ලූහ. එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්‍රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි. ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්‍රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති. දැන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න. එහෙත්, ඔවුන් අතරේ ආණ්ඩු කරන රජු තම අයිතිවාසිකම ලෙස කෙලෙස ක්‍රියා කරයි ද යන්න ගැන බැරෑරුම් ව අවවාද කරමින්, ඔවුනට පෙන්වා දෙන්නැ” යි පැවසූ සේක.

1 සාමුවෙල් 8:1-9 Sinhala Revised Old Version (SROV)

සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය. නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය. එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට: ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය. එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. ස්වාමීන්වහන්සේ ද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය. මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.

1 සාමුවෙල් 8:1-9 Sinhala New Revised Version (NRSV)

සාමුවෙල් මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේ ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ. එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ. එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ. “අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.

1 සාමුවෙල් 8:1-9 Sinhala New Revised Version 2018 (SNRV)