1 සාමුවෙල් 22:1-4
1 සාමුවෙල් 22:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් ගාත් පුර අතහැර, අදුල්ලාම් ගුහාවට බේරී ගියේ ය. ඔහුගේ සහෝදරයින් හා ඔහුගේ පියාගේ සියලු ගෘහ වාසීන් ඒ වග ඇසූ කල, ඔවුහු ද ඔහු වෙත එහි ගියහ. දුකට, විපතට පත්වූවන් ද ණයට, තුරුසට පත්වූවන් ද අසහනයට පත්වූවන් ද යන සැවොම ඔහු වටා රොක් වූහ. ඔහු ඔවුන්ගේ නායකයා විය. ඔහු සමඟ මිනිසුන් හාරසියයක් පමණ දෙනෙක් වූහ. එතැනින් මෝවබ්හි මිස්පේ වෙත ගිය දාවිත්, මෝවබ් රජුට කතා කොට, “මා උදෙසා දෙවියන්වහන්සේ කුමක් කරන සේක් දැයි දැනගන්නා තුරු මගේ පියාටත්, මවටත් මෙහි පැමිණ, ඔබ හා නවතින්නට ඉඩ දෙන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඔහු මෝවබ් රජු ළඟට ඔවුන් ගෙන ගියේ ය. දාවිත් බළකොටු ගුහාවේ ගත කළ කාලය මුළුල්ලේ ඔවුන් සිටියේ ඔහු ළඟ ය.
1 සාමුවෙල් 22:1-4 Sinhala Revised Old Version (SROV)
එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය. විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ. දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය. ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.
1 සාමුවෙල් 22:1-4 Sinhala New Revised Version (NRSV)
දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය. විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ. දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස්, මෝවබ් රජුට කතා කොට, “දෙවියන් වහන්සේ මට කරන්නට යන්නේ කුමක් දැ යි මා දැනගන්න තුරු මාගේ මවුපියන්ට ඔබ වෙත අවුත් සිටින්නට අවසර ලැබේ වා”යි කී ය. ඔහු මෝවබ් රජු වෙත ඔවුන් කැඳවාගෙන ගියේ ය. දාවිත් ගුහාවෙහි සැඟවී සිටි මුළු කාලය තුළ ඔව්හු රජු සමඟ වාසය කළහ.
1 සාමුවෙල් 22:1-4 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 22:1-4 New International Version (NIV)
David left Gath and escaped to the cave of Adullam. When his brothers and his father’s household heard about it, they went down to him there. All those who were in distress or in debt or discontented gathered around him, and he became their commander. About four hundred men were with him. From there David went to Mizpah in Moab and said to the king of Moab, “Would you let my father and mother come and stay with you until I learn what God will do for me?” So he left them with the king of Moab, and they stayed with him as long as David was in the stronghold.