1 සාමුවෙල් 22:1-4

1 සාමුවෙල් 22:1-4 SROV

එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය. විපතට පත්වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ. දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය. ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 22:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය