1 සාමුවෙල් 2:1-8

1 සාමුවෙල් 2:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය: “මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි; මගේ අඟ ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත. මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි; මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි. “ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත; ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත; අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත. “ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න; ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න; මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය. “ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත; එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති. සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති; එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ. වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය; එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය. “ස්වාමින්වහන්සේ මරන සේක; ජීවනයට ගෙනෙන සේක; උන්වහන්සේ ෂෙයෝලයට බස්සන සේක. ඉහළට ඔසවන සේක. ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක; උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක. උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක; අළු ගොඩින් දිළිඳා ඔසවන සේක; එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය.

1 සාමුවෙල් 2:1-8 Sinhala Revised Old Version (SROV)

හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි. ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත. ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක. බලවන්තයන්ගේ දුනු බිඳී තිබේ, පැකුලුණු අයද බලය නමැති ඉඟපටිය බැඳගන සිටිති. තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය: බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය. ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට පමුණුවනසේක, එයින් නැගුටුවන සේක. ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක. අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේ ය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.

1 සාමුවෙල් 2:1-8 Sinhala New Revised Version (NRSV)

හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය: “මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ; මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ. මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි; ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි. සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත. උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න; අහංකාර දෙඩුම් ඔබේ මුඛවලින් නොනික්මේ වා! මන්ද, සමිඳු සියල්ල දන්නා වූ දෙවි කෙනෙකි; මිනිසුන්ගේ සියලු ක්‍රියා විනිශ්චය කරන කෙනෙකි. බලවතුන්ගේ බලය දුබල වී ඇත. දුබලයෝ බලවත් වී ඇත. කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත. මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය. සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක. අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.

1 සාමුවෙල් 2:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 2:1-8 SROV