1 සාමුවෙල් 18:6-9
1 සාමුවෙල් 18:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.” සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි.
1 සාමුවෙල් 18:6-9 Sinhala Revised Old Version (SROV)
තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය. කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.
1 සාමුවෙල් 18:6-9 Sinhala New Revised Version (NRSV)
දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්යා සහගත ඇසිණි.
1 සාමුවෙල් 18:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්යා සහගත ඇසිණි.
1 සාමුවෙල් 18:6-9 New International Version (NIV)
When the men were returning home after David had killed the Philistine, the women came out from all the towns of Israel to meet King Saul with singing and dancing, with joyful songs and with timbrels and lyres. As they danced, they sang: “Saul has slain his thousands, and David his tens of thousands.” Saul was very angry; this refrain displeased him greatly. “They have credited David with tens of thousands,” he thought, “but me with only thousands. What more can he get but the kingdom?” And from that time on Saul kept a close eye on David.