1 සාමුවෙල් 18:6-9

1 සාමුවෙල් 18:6-9 SCV

දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්‍රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්‍රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.” සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි.

1 සාමුවෙල් 18:6-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය