1 සාමුවෙල් 17:55
1 සාමුවෙල් 17:55 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්, පිලිස්තීයයා හමුවට පිටත් ව යනු බලා සිටි සාවුල්, හමුදාපති වූ අබ්නේර් අමතමින්, “අබ්නේර්, ඒ තරුණයා කවරකුගේ පුත්රයා දැ?” යි ඇසුවේ ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමනි, ඔබතුමා ජීවත් වන වග සැබෑ සේ ම මම එය නො දනිමි” යි කීවේ ය.
1 සාමුවෙල් 17:55 Sinhala Revised Old Version (SROV)
දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.
1 සාමුවෙල් 17:55 Sinhala New Revised Version (NRSV)
දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.
1 සාමුවෙල් 17:55 Sinhala New Revised Version 2018 (SNRV)