1 සාමුවෙල් 17:33-38
1 සාමුවෙල් 17:33-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාවුල්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඒ පිලිස්තීයයාට විරුද්ධ ව ගොස්, ඔහු හා සටන් කරන්නට ඔබට නුපුළුවන. ඔබ තවමත් ගැටවරයෙකි. ඔහු තරුණ වයසේ පටන් ම සටන් කරුවෙකි” යි කීවේ ය. එහෙත් දාවිත්, සාවුල් අමතමින්, “ඔබේ මේ සේවකයා ඔහුගේ පියාගේ බැටළුවන් රැකබලමින් සිටියදී, සිංහයකු හෝ වලසකු හෝ අවුත්, රංචුවේ බැටළු පැටවකු ඩැහැගත් විටෙක, මා ඌ පසු පස්සේ ගොස්, ඌට පහර දී, උගේ කටින් බැටළුවා මුදා ගත්තා. ඌ මට එරෙහිව නැගිටුණු විට, මා උගේ රැවුලින් අල්ලා, ඌට පහර දී, මරා දැම්මා. ඔබේ සේවකයා සිංහයින් හා වලසුන් යන දෙගොල්ල මරා දැම්මා. මේ චර්ම-අඡේදිත පිලිස්තීයයාත් උන්ගෙන් එකකු මෙන් වනු ඇත. මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවන්ට ඔහු කළේ නිග්‍රහයක්. සිංහයාගේ නියපහරින් හා වලසාගේ නියපහරින් මා මිදූ ස්වාමින්වහන්සේ මේ පිලිස්තීයයාගේ අතින් ද මා මුදා ගන්නා සේකැ” යි කීවේ ය. එවිට සාවුල්, “යන්න, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා” යි දාවිත්ට පැවසී ය. ඉන්පසු සාවුල් තම යුද-කබාය දාවිත්ට හඳවා, ඔහුගේ හිස මත ලෝකඩ ආරක්ෂක තොප්පියක් තබා, ඔහු සන්නාහ සන්නද්ධ කළේ ය.
1 සාමුවෙල් 17:33-38 Sinhala Revised Old Version (SROV)
සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට නුඹට බැරිය. මක්නිසාද නුඹ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය. දාවිත්ද: ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය. මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි. ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය. තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය. තවද සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට හඳවා, ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා, යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳෙවුවේය.
1 සාමුවෙල් 17:33-38 Sinhala New Revised Version (NRSV)
සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය. දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: “ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්, මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි, සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය. තවද, සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට අඳවා, ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් දමා, යුද්ධ ඇඳුමක් ඔහුට පැළඳෙවුවේ ය.
1 සාමුවෙල් 17:33-38 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 17:33-38 New International Version (NIV)
Saul replied, “You are not able to go out against this Philistine and fight him; you are only a young man, and he has been a warrior from his youth.” But David said to Saul, “Your servant has been keeping his father’s sheep. When a lion or a bear came and carried off a sheep from the flock, I went after it, struck it and rescued the sheep from its mouth. When it turned on me, I seized it by its hair, struck it and killed it. Your servant has killed both the lion and the bear; this uncircumcised Philistine will be like one of them, because he has defied the armies of the living God. The LORD who rescued me from the paw of the lion and the paw of the bear will rescue me from the hand of this Philistine.” Saul said to David, “Go, and the LORD be with you.” Then Saul dressed David in his own tunic. He put a coat of armor on him and a bronze helmet on his head.