1 සාමුවෙල් 17:33-38
1 සාමුවෙල් 17:33-38 NRSV
සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය. දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: “ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්, මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි, සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය. තවද, සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට අඳවා, ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් දමා, යුද්ධ ඇඳුමක් ඔහුට පැළඳෙවුවේ ය.

