1 සාමුවෙල් 17:1-19
1 සාමුවෙල් 17:1-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙකල පිලිස්තිවරු තම හමුදා රැස් කරවා, යූදාට අයත් සෝකෝ වෙත එක් රැස් වූහ. ඔවුහු සෝකෝ හා අසේකා අතර පිහිටි එෆෙස්-දම්මීම්හි කඳවුරු ගසා ගත්හ. සාවුල් හා ඉශ්‍රායෙල්වරු එක් රැස් ව, ඒලා මිටියාවතේ කඳවුරු බැඳ, පිලිස්තිවරුනට මුහුණ දීමට තම සේනා පෙළ ගැස්වූහ. දෙගොල්ල අතරේ මිටියාවත ඇති ව, පිලිස්තිවරු කන්දේ එක් පැත්තක සිටගත්හ. ඉශ්‍රායෙල්, කන්දේ අනෙක් පැත්තේ සිටගත්හ. ගොලියත් නම් වූ රණශූරයෙක් පිලිස්ති කඳවුරෙන් එළියට ආවේ ය. ගාත් වැසියකු වූ ඔහු උසින් හය රියනක් හා වියතකි. ඔහුගේ හිසේ ලෝකඩ ආරක්ෂක තොප්පියක් විය. ඔහු ෂෙකෙල් පන්දහසක් බර ලෝහ සන්නාහ කබායක් හැඳ සිටියේ ය. ඔහුගේ දෙකකුල්හි ලෝකඩ වැසුම් තිබිණ. ලෝකඩ හෙල්ලයක් ඔහුගේ උර මත එල්ලා තිබිණ. ඔහුගේ හෙල්ලයේ මිට, රෙදි වියන්නාගේ රිටකට සමාන ය. යකඩින් කළ එහි තලය, ෂෙකෙල් හයසීයක් බර ය. ඔහුගේ පලිහ දරන්නා ඔහුට පෙරටුව ගියේ ය. ඔහු නැගිට, ඉශ්‍රායෙල් සේනාංක පෙළට බැන-අඬ ගසමින්, “නුඹලා පිටතට අවුත්, සටනට පෙළ ගැසෙන්නේ මන්ද? මම පිලිස්තියෙක් නො වෙම් ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නො වෙත් ද? නුඹලා අතරින් මිනිසකු තෝරා, මා හමුවට බැස එවනු. මා හා සටන් කොට, මා මරා දමන්නට ඔහුට හැකි වෙතොත්, අප නුඹලාගේ යටත් වැසියන් වනු ඇත. එහෙත් මා ඔහුගෙන් ජය ගෙන, ඔහු මරා දැමුවහොත් නුඹලා අපගේ යටත් වැසියන් වී, අපට මෙහෙ කළ යුතු වේ යැ” යි කීවේ ය. එම පිලිස්තීයයා යළි කතා කරමින්, “අද දවසේ ඉශ්‍රායෙල් සේනාංක පෙළට මම අභියෝග කරමි. මට මිනිසකු දෙනු! අපට සටන් කරන්නට සලසනු” යි වහසි බස් දෙඩී ය. පිලිස්තීයයාගේ වචන ඇසීමෙන්, සාවුල් ද සියලු ඉශ්‍රායෙල්වරු ද තැති ගෙන, මහත් සේ භය වූහ. දාවිත්, යූදාහි බෙත්ලෙහෙමේ යෙස්සේ නැමති එෆ්‍රාතියයකුගේ පුත්‍රයා ය. යෙස්සේට පුතුන් අට දෙනෙක් වූහ. සාවුල්ගේ දවස්හි යෙස්සේ මහලු ව, වියපත් ව සිටියේ ය. යෙස්සේගේ වැඩිමහල් පුතුන් තිදෙනා සාවුල් අනුව යමින්, යුද්ධයට ගොස් තිබිණ. කුලුඳුලාගේ නම එලියාබ් ය. දෙවැන්නා අබිනාදාබ් ය. තෙවැන්නා ෂම්මා ය. දාවිත් බාලයා විය. වැඩිමහල් ම තිදෙන සාවුල් අනුව ගියහ. එහෙත් දාවිත්, බෙත්ලෙහෙමේ තම පියාගේ බැටළුවන් බලා ගන්න පිණිස, සාවුල් වෙතින් ආවේ ය, ගියේ ය. පිලිස්තීයයා පුරා හතළිස් දවසක් උදයේත්, සවසත් ඉදිරියට අවුත්, ස්ථානගත ව අභියෝග කළේ ය. මේ අතර යෙස්සේ, තම පුත් දාවිත් අමතා, “මෙම විලඳ ඒෆාවත්, මෙම රොටි දහයත් ගෙන, ඉක්මනින් ඔබේ සහෝදරයින් වෙත ඔවුන්ගේ කඳවුරට යන්න. මෙම කේජු කෑලි දහය ඔවුන්ගේ ඒකකයේ අණ දෙන නිලධාරියාට ගෙන යන්න. ඔබගේ සහෝදරයින්ට කෙසේදැයි බලා, ඔවුන් යහතින්දැයි දැනගෙන, එන්නැ” යි කීවේ ය. ඔවුහු සාවුල් හා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඒලා මිටියාවතේ පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කළහ.
1 සාමුවෙල් 17:1-19 Sinhala Revised Old Version (SROV)
පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය. පිලිස්තිවරු එක පැත්තක තිබුණු කන්දේද ඉශ්‍රායෙල්වරු අනික් පැත්තේ තිබුණු කන්දේද සිටියෝය. ඔවුන්ට අතරේ මිටියාවතක් තිබුණේය. ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය. ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය. ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය. ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය. ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: නුඹලා යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස නුඹලා වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි නුඹලාගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, නුඹලා අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය. තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ. දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය. යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය. දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය. දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය. ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය. යෙස්සේ තමාගේ පුත්‍රවූ දාවිත්ට කථාකොට: මේ විලඳවලින් ඒඵාවක්ද මේ රොටි දසයද රැගෙන කඳවුරට නුඹේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඔවුන්ට දෙන්න; ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය. සාවුල්ද ඔව්හුද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියලුදෙනාද ඒලානම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන්කරමින් සිටියෝය.
1 සාමුවෙල් 17:1-19 Sinhala New Revised Version (NRSV)
පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ. සාවුල් ද ඉශ්රායෙල් ජනයා ද එක් රැස් ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධය සඳහා සැරසී සිටියහ. පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි. ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය. ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පණස්හතක් පමණ බර ය. ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය. ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය. ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය. තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ. දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය. ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය. දාවිත් සියල්ලන්ට ම බාලයා ය. වැඩිමහල් තිදෙනා සාවුල් සමඟ නැවතී සිටියහ. දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය. ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය. දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, “මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න; ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී සාවුල් ද දාවිත්ගේ සහෝදරයෝ ද ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ද ඒලා නම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන් කරමින් සිටියහ.
1 සාමුවෙල් 17:1-19 Sinhala New Revised Version 2018 (SNRV)
පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ. සාවුල් ද ඉශ්රායෙල් ජනයා ද එක් රැස් ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධය සඳහා සැරසී සිටියහ. පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි. ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය. ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පනස්හතක් පමණ බර ය. ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය. ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය. ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය. තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ. දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය. ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය. දාවිත් සියල්ලන්ට ම බාලයා ය. වැඩිමහල් තිදෙනා සාවුල් සමඟ නැවතී සිටියහ. දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය. ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය. දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, “මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න; ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී සාවුල් ද දාවිත්ගේ සහෝදරයෝ ද ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ද ඒලා නම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන් කරමින් සිටියහ.
1 සාමුවෙල් 17:1-19 New International Version (NIV)
Now the Philistines gathered their forces for war and assembled at Sokoh in Judah. They pitched camp at Ephes Dammim, between Sokoh and Azekah. Saul and the Israelites assembled and camped in the Valley of Elah and drew up their battle line to meet the Philistines. The Philistines occupied one hill and the Israelites another, with the valley between them. A champion named Goliath, who was from Gath, came out of the Philistine camp. His height was six cubits and a span. He had a bronze helmet on his head and wore a coat of scale armor of bronze weighing five thousand shekels; on his legs he wore bronze greaves, and a bronze javelin was slung on his back. His spear shaft was like a weaver’s rod, and its iron point weighed six hundred shekels. His shield bearer went ahead of him. Goliath stood and shouted to the ranks of Israel, “Why do you come out and line up for battle? Am I not a Philistine, and are you not the servants of Saul? Choose a man and have him come down to me. If he is able to fight and kill me, we will become your subjects; but if I overcome him and kill him, you will become our subjects and serve us.” Then the Philistine said, “This day I defy the armies of Israel! Give me a man and let us fight each other.” On hearing the Philistine’s words, Saul and all the Israelites were dismayed and terrified. Now David was the son of an Ephrathite named Jesse, who was from Bethlehem in Judah. Jesse had eight sons, and in Saul’s time he was very old. Jesse’s three oldest sons had followed Saul to the war: The firstborn was Eliab; the second, Abinadab; and the third, Shammah. David was the youngest. The three oldest followed Saul, but David went back and forth from Saul to tend his father’s sheep at Bethlehem. For forty days the Philistine came forward every morning and evening and took his stand. Now Jesse said to his son David, “Take this ephah of roasted grain and these ten loaves of bread for your brothers and hurry to their camp. Take along these ten cheeses to the commander of their unit. See how your brothers are and bring back some assurance from them. They are with Saul and all the men of Israel in the Valley of Elah, fighting against the Philistines.”